Author: VNews

උතුරු සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. තුර්කි හිතවාදී හමුදාව විසින් අත්පත් කරගෙන සිටින උතුරු සිරියාවේ ඇලෙප්පෝ පළාතේ අසාස් නගරයේ පිහිටි වෙළඳපොලක එම පිපිරීම සිදුව ඇති බව සඳහන්. මෙම බෝම්බය පුපුරුවා ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

තව කියවන්​න

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ඊයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 40 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ඊයේ (30) දිනයේදී මෙහෙයුම් 815 ක් සිදුකර ඇති අතර, එහිදී හෙරොයින්, අයිස් සහ ගංජා සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.

තව කියවන්​න

හයිටි හි ක්‍රියාත්මක අවිගත් කල්ලිවල ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ජනතාවගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ අනුව, විශේෂඥයින් මත පළකරන්නේ, හයිටි රාජ්‍යය තවත් දුගී බවට පත්වනු ඇති බවය. කැරිබියානු කලාපයේ පිහිටි හයිටි සැලකෙන්නේ කලාපයේ වඩාත්ම දුගී රාජ්‍යය ලෙසයි. හයිටි හි වරාය, ගුවන්තොටුපොළ ඇතුළු ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථාන අවිගත් කල්ලි යටතේ පවතී.

තව කියවන්​න

මේ වසරේ ජනවාරි මාසයේදී ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මාසයේ අපනයන මිල දර්ශකය පෙර වසරට සාපේක්ෂව සියයට 8කින් පහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තාවල දැක්වෙන්නේ. සියලු ප්‍රධාන අපනයන කාණ්ඩවල අපනයන මිල ගණන් පහළ යෑම ඊට හේතුව බව සඳහන්.

තව කියවන්​න

තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

තව කියවන්​න

බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල අද පස්වරු . 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි . සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද සදහන් . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…

තව කියවන්​න

කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි දේවස්ථානවලට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර අදට වසර 05ක කාලයක් ගත වනවා . 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා . මෙවර පාස්කු ඉරුදින දේව මෙහෙයන් පවත්වනු ලබන සියලුම දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා . ඒ අනුව දිවයින පුරා කිතුණු දේවස්ථාන 1,873ක් ආවරණය වන පරිදි ආරක්ෂව සඳහා පොලිස් නිලධාරීන් 6,522ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 320ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,746ක් යොදවා ඇති බව සඳහන්. මෙම දින…

තව කියවන්​න

පාස්කු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අභියෝගය හමුවේ රටක් ලෙස අප සියලුදෙනා මහත් පීඩාවකට පත් වුව ද දරාගත හැකි ජාතියක් ලෙස ඒ උත්ථාන ගමනේ ආශිර්වාදයත් සමගින් අප නැවත නැගී සිටිය යුතු බවයි . බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත්වන අප, අද රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු කිරිම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා . ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ එකමුතුකම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැලලක් ඇතිකරන කිසිදු ආකාරයේ කුමන්ත්‍රණයකට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියා .

තව කියවන්​න

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක (ඩැට්) දීමනාව තමන්ටද ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72කට අයත් ලක්ෂයකට අධික සාමාජිකයන් අනිද්දා (02දා) සිට යළි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණවීමට තීරණය කර ඇත. ඒ අනුව හෙට (01දා) උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4 ක් සේවයෙන් බැහැර වී සිටීමටද පසුදා (02දා) සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළැඹීමට ද තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළේය. ‘වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් (ඩැට්) ලබාදෙමින් ආර්ථික යුක්තිය ඉටුකර ඇති බැවින් සෞඛ්‍ය සේවයේ අනෙක් කාර්යමණ්ඩල වලට ද එසේ යුක්තිය ඉටුකිරීම බලධාරීන්ගේ වගකීම විය යුතු’ යැයි හෙතෙම පැවසීය.…

තව කියවන්​න

සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු සමයේ දී දේශීය බිත්තරයක මිල රුපියල් 35ක පහළ මට්ටමට එන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට දේශීය වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42- 48 දක්වා මිල ගණන යටතේ අලෙවි කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙදපළට සැපයීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියා සිටියේ.

තව කියවන්​න