- ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
- ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික ප්‍රගතියක් ලබයි-එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීන්
- සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේකයක්
- වැටුප් විෂමතාව විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍යයි-මහින්ද ජයසිංහ
- ස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට
- අයවැය නොවැම්බර් 7
- පාතාලෙට උණ්ඩ දුන්න හමුදා ලොක්කාට මාංචු වැටෙයි
- බලපිටියට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්
Author: VNews
වසර හතරක සිර දඬුවම් ලැබ බන්ධනාගාරගත කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමිට සිරකරුවෙකුට ඇඳීමට සුදුසු වෙනත් පැහැයක ඇඳුමක් ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසනවා . ඔහු පැවසුවේ අනෙක් රැඳවියන් වෙත ලබා දී ඇති සුදු පැහැති ජම්පරයේ ආකෘතියට ම සාදන ලද සුදු පැහැයෙන් වෙනස් වූ පැහැයක් ඥානසාර හිමි වෙත ලබා දී ඇති බවයි. ඉකුත් 2016 වසරේ දී ජාතික සමගිය සහ ආගමික සංහිඳියාවට හානි වන අන්දමේ ප්‍රකාශයක් කිරීමේ සිදු වීමක් සම්බන්ධයෙන් වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය ඉකුත් 28 වැනි දා කටයුතු කළා. මේ වන විට…
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහනයක් පැටවීමේදී මෝටර් රථයක් මුහුද වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ අද අළුයම 2.30ට පමණ බවයි වාර්තා වන්නේ. එහි රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායට වාහන ප්‍රතිඅපනයනය කිරිම සඳහා පැමිණි වාහන ප්‍රවාහන නෞකාවකට වාහන පැටවීමට යාමේදීයී.
බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. වියළි කාලගුණයත් සමග අස්වනු අඩුවීම ඊට හේතුව බවයි වෙළදපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. මීට පෙර රුපියල් සියයකට පමණ අලෙවි වූ සාමාන්‍ය ප්‍රමාණයේ බුලත් අතක මිල මේ වන විට රුපියල් 300කට ආසන්න මට්ටමක පවතිනවා.
2024 අයවැය යෝජනා යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. ඒ අනුව මේ වන විට වතු ප්‍රජාව 4151ක් හඳුනා ගෙන ඇති අතර එම පවුල් දැනට පදිංචිව සිටින ඉඩම් සඳහා කඩිනමින් සින්නක්කර ඔප්පු ලබා දීමට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.
බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඥාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
මෙම වසරේ පළමු මාස තුන ඇතුළත දී සංචාරකයන් 635,734ක් පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එක් මසකදී සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 2 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙරටට සංචාරකයන් මාර්තු මාසයේ දී පමණක් 209,181ක් පැමිණ ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය හෙට සිදු කිරීමට නියමිතයි. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කළ පසු ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ද අඩු කළා. නමුත් එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදු වී තිබුණේ නැහැ. විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩු වීමක් සිදු වනු ඇති බවයි.
උතුර පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට තවත් නැනෝ ජල පිරිපහදු 24ක් ස්ථාපනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව වවුනියාව දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ එවැනි යන්ත්‍රාගාර 18ක් විවෘත කිරීමට නියමිතයි. උතුරේ අවතැන්වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම ජල පිරිපහදු යන්ත්‍රාගාර ඉදි කර තිබෙනවා.
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 93ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86ක්, ධනංජය ද සිල්වා ලකුණු 70ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක්, නිශාන් මදුෂ්ක ලකුණු 57ක් බැගින් රැස්කරගත්තේය.
චීනයේ දින පහක නිල සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යු. 231 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ. අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පින් සහ එරට අග්‍රාමාත්‍ය ලී චියැං ඇතුලු රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා. ඒ අනුව චීනය සහ ශ්‍රී ලංකාව අතර වැදගත් ගිවිසුම් රාශියක් මෙම සංචාරයේදී අත්සන් තැබුණු අතර, චීනය මෙරටට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද සාකච්ඡා පවත්වා තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222