- ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
- ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික ප්‍රගතියක් ලබයි-එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීන්
- සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේකයක්
- වැටුප් විෂමතාව විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍යයි-මහින්ද ජයසිංහ
- ස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට
- අයවැය නොවැම්බර් 7
- පාතාලෙට උණ්ඩ දුන්න හමුදා ලොක්කාට මාංචු වැටෙයි
- බලපිටියට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්
Author: VNews
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වලට මාස දෙකක් සඳහා එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා දීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවි ඇති බවයි . අදාළ කැබිනට් අනුමැතියට අනුව කඩිනමින් තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් මලු බෙදාදීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා .
මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩ නැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුව ඇති බවයි . සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බව ද අනුරාධපුර දිස්ත්‍රික් නීතිවේදීන් සමග පැවති සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා
අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබා දෙන බව, මුදල් අමාත්‍යාංශය පවසනවා . මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, අයවැය යෝජනාවට අනුව ඉහළ දැමූ රාජ්‍ය සේවක දීමනාව ද මෙවර වැටුපට එක් කරන බවයි. ඒ අනුව මෙම මාසයේ රාජ්‍ය සේවක වැටුපට අමතරව එක් වන මුදල, රුපියල් දස දහසක්. මේ අතර මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප් ද අප්‍රේල් 10 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව, රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ .
පළමුවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර තිබෙනවා. ඒ අනුව මිරිස්, වම්බටු, මාළු මිරිස් හා බණ්ඩක්කා සහ බඩඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා විදේශ රටවල් ගණනාවකින් ඉහළ ඉල්ලුමක් ඉදිරිපත්ව ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ . කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මෙරට පෞද්ගලික අංශය එක්ව මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ සිදුකර ඇති බව සදහන් . එමෙන්ම එම බීජ වැඩි දියුණු කිරීම හා සැකසීම සදහා ඉහළම තාක්ෂණය හා විශේෂඥ සහයෝගය ලබා ගැනීමටද කටයුතු කර තිබෙනවා .
ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා . මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා . එමෙන්ම එම ආරංචි මාර්ග උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වය සඳහා ඔහුට විවේක ගැන්වීමට සිදුව ඇති බවයි . මේ අනුව ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී ඔහු මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවද සදහන් .
බ්‍රිතාන්‍ය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමේ දී, බ්‍රිතාන්‍ය රජය විසින් පනවා තිබූ සංචාරක උපදේශනය, 2024 අප්‍රේල් 5 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි යාවත්කාලීන කර තිබෙනවා. එක්සත් රාජධානිය විසින් අදාළ තීරණය ගෙන ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සැලකිල්ලට ගෙනයි. මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයට අදාළ වන අයුරින් එක්සත් රාජධානිය විසින් පනවා තිබූ සංචාරක උපදේශනයට, හදිසි වෛද්‍ය සේවා, ඇතුල්වීමේ ආරක්ෂාව, මාර්ග ආරක්ෂාව, සමස්ත ආරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රවේශය වැනි විවිධ ක්ෂේත්‍ර යටත්ව තිබුණා.
එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ එසේ සංස්කෘතියට පටහැනි අකාරයේ අංග ඇතුළත් කර තිබේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර ඒ පිලිබඳ ඊයේ පවතී මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ද මේ පිලිබඳ අදහස් පල කලා.
ශ්‍රී ලංකාව තුල දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තාවනවා. ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු නවතම වාර්තාවක මේ පිලිබඳ සඳහන් වන බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කලේ. ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතූන් මත මෙම තත්වය මතුව ඇති බව ලෝක බැංකුව සිය වාර්තාවේ සඳහන් කරනවා. ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ගතවූ සතියේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 8%කින් අතිප්‍රමාණ වී තිබෙනවා. එමෙන්ම අනෙකුත් විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණ වූ බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව 15.5%කින්ද, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 9%කින්ද අතිප්‍රමාණ වුණා.
ලබන වසරේ සිට වයස අවුරුදු 4 සම්පූර්ණ වූ කිසිදු දරුවෙකුට පෙරපාසැල් අධ්‍යාපනය ලබා නොදී නිවසේ තබා ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා ඉඩ ඇති හා වැසීගෙන යන සියලුම පාසල්වල පෙරපාසල් දරුවන් වෙනුවෙන් පංති කාමරයක් වෙන් කරන බවයි කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222