Author: VNews

අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී හෙට ඇරැඹෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිතරවීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, හවුල්කාරීත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය වටපිටාව මෙම සමුළුව මගින් හැකි වනු ඇති බවයි. මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, “2022 දී අප රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දුන් සහයෝගය, ශ්‍රී ලංකාව වර්ථමානයේ ළඟා කරගෙන ඇති ස්ථාවරත්වය සහ ප්‍රගතියට…

තව කියවන්​න

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය එළැඹෙන අප්‍රේල් 24 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.සී.එස්. ඇළකන්ද මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙමගින් දෛනිකව රුපියල් මිලියන 80ත් 100ත් අතර වටිනාකමකින් යුත් ජල විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට එක්කළ හැකි බවයි. ඇමරිකානු ඩොලර් මිලියන 514ක වියදමින් ඉරාන රජයේ ණය ආධාර යටතේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ 2011 වසරේදීයි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමයි. මෙලෙස නිෂ්පාදනය කෙරෙන විදුලිය අධිබලැති විදුලි රැහැන් කුලු‍නු 65ක් හරහා කිලෝමීටර 23ක් බදුල්ල දක්වා ගෙන ගොස් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරෙනවා.

තව කියවන්​න

ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයන් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා . මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ යුක්තිය මෙහෙයුමට සමගාමීව එම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව සදහන් . එම මෙහෙයුම ඊයේ දින සිට එළඹෙන 10 වනදා දක්වා ක්‍රියාත්මක කර ඇත්තේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි

තව කියවන්​න

අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වනදාට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ මෙවර අයවැය මගින් ඉහළ දැමු රාජ්‍ය සේවක දීමනාව ද අප්‍රේල් මස වැටුපට එක්කර ලබා දෙන බවයි. ඒ අනුව රාජ්‍ය සේවකයින්ට මෙම මස වැටුපට අමතරව තවත් රුපියල් දස දහසක මුදලක් එක්වනවා. මේ අතර අප්‍රේල් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ද එළඹෙන 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.

තව කියවන්​න

සටන් පාඨ හා තර්කවලට යට වී රටේ අනාගතය අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. මගෙන් පටන් ගමු අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ නීතිය මැයි මාසය වන විට ගෙන එන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ. ඪධෂක්‍ෑ ක්‍ඹඔ – රනිල් 01 මෙම තරුණ සමුළුවට එක්ව සිටි තරුණ, තරුණියන් යොමුකළ ගැටළුවලට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. ඪධෂක්‍ෑ ක්‍ඹඔ – රනිල් 02

තව කියවන්​න

ලෝක සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම අප්‍රේල් හත්වනදා ලෝක සෞඛ්‍ය දිනය සැමරෙන අතර, මෙවර එහි තේමාව වන්නේ’ මගේ සෞඛ්‍යය, මගේ අයිතියයි’ යන්නයි. ගුණාත්මක සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ තොරතුරු මෙන්ම සුරක්ෂිත පානීය ජලය, පිරිසිදු වාතය, මනා පෝෂණය, නිවාස, සේවා සහ යහපත් පාරිසරික තත්ත්වයන් සහ නිදහස සඳහා ප්‍රවේශය ලබා ගැනීමට සෑම තැනකම සිටින සෑම කෙනෙකුටම ඇති අයිතිය වෙනුවෙනුයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසරේ එම තේමාව තෝරාගෙන ඇත්තේ.

තව කියවන්​න

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති සියලුම මත්පැන්හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ අතර බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන අප්‍රියෙල් 23 වනදා ද මත්පැන්හල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම මැයි මස 21 වන දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් තෙදිනක් මත්පැන්හල් වසා දැමීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, මැයි මස 22, 23 සහ 24 යන තෙදින මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

තව කියවන්​න

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා ,කැත්ලීන්, කුණාටුවත් සමග පවතින තද සුළං තත්ත්වය සහ උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදනය අනුව එම ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි වාර්තා වී ඇත්තේ ඒ අනුව බ්‍රිතාන්‍ය තුළ ගුවන් ගමන් 140ක් පමණ අවලංගු කර ඇති බව සදහන් ස්කොට්ලන්තයේ දුම්රිය සහ බෝට්ටු සේවාවලට ද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා සුළං තත්ත්වය හේතුවෙන් එංගලන්තයේ වයඹ හා නිරිත දිග ප්‍රදේශවලට සහ උතුරු අයර්ලන්තයල ස්කොට්ලන්තය හා වේල්සය යන කලාප සඳහා ද දැඩි බලපෑම් එල්ල වී තිබේනවා

තව කියවන්​න

තාවකාලික බලපත්‍ර ලබාදී ඇති රියදුරන්ට ස්ථිර රියදුරු බලපත්‍රය ලබාදීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෙි බව පවසා තිබෙනවා මෙය ඉදිරි මාස 03 ඇතුළත එම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම අවසන් කරන බවයි  ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මේ වන විටත් දෛනිකව රියදුරු බලපත්‍ර දස දහසක ප්‍රමාණයක් අදාළ රියදුරන් වෙත තැපැල් කරන බවද ඔහු කියා සිටියා

තව කියවන්​න

මෙක්සිකෝවේ පබ්ලා ප්‍රාන්තයේ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මියගොස් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිපිරීමෙන් ගොඩනැගිලි 50ත් අතර සංඛ්‍යාවක් කඩාවැටී ඇති අතර, ඒවායේ සිරවී සිටින පුද්ගලයන් සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් සිදුකරමින් සිටින බව ද සඳහන්. එමෙන්ම කිලෝමීටරයක් පමණ අවට සිටින පුද්ගලයින් දෙදහසක් පමණ ඉවත් කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ .

තව කියවන්​න