Author: VNews

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

තව කියවන්​න

වෙළඳුන් විසින් උත්සව සමයේ කුකුළු මස් මිල අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. එමෙන්ම බිත්තර මිලද යළිත් වරක් වෙළඳපොලේ ඉහළ ගොස් ඇත්තේ එවන් පසුබිමකයි. උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර ලාභදායී මිලකට ජනතාවට ලබාදෙන බවට රජය පොරොන්දු වූ නමුත් එවැනි තත්වයක් වෙළඳපොලේ දක්නට නොමැති බවටයි ජනතාව චෝදනා කළේ. අද වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර කුකුළු මස් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 1,100 කටයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ ඉදිරි දිනවල ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල අද සිට පහළ යනු ඇති බවයි.

තව කියවන්​න

කොළඹින් පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  ඉඳිපොලගේ පවසනවා. ඔහු පවසන්නේ, ඒ අනුව අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර ඇති බවයි.

තව කියවන්​න

2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී තිබෙනවා. එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව බ්ලූම්බර්ග්  වෙළඳපොළ දත්ත පෙන්වාදී තිබෙනවා.

තව කියවන්​න

ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට සහාය පළ කරමින් ඉරාන ජාතික පෙළපාලිකරුවන් පිරිසක් ටෙහෙරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස් වී තිබෙනවා. ඔවුන් පෝස්ටර් සහ බැනර් අතැතිව ටෙහෙරානයේ පලස්තීන චතුරශ්‍රය ඉදිරිපිට විරෝධතාවක්ද පවත්වා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

තව කියවන්​න

බස්නාහිර පළාත සහ දකුණු පළාත මූලික කර ගනිමින් ක්‍රියාත්මක පොලිස් විශේෂ මෙහෙයුම යටතේ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව සහ අංගොඩ යන ප්‍රදේශවලදී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම සිදුකරන ලද පරීක්ෂණවලදී එම අපරාධ කල්ලි දෙදෙනා සමග සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය දැක්වූ බවට සැකකෙරෙන තවත් සිව් දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

එක්සත් රාජධානිය විසින් යුද උපකරණ වෙළෙඳපොළට ‘ඩ්‍රැගන් ෆයර්’ නමින් නවතම අවියක් හඳුන්වා දී තිබෙනවා. ඉකුත් ජනවාරි මාසයේ දී බ්‍රිතාන්‍ය යුද විශේෂඥයින් විසින් මෙම අවිය සාර්ථකව අත්හදා බැලූ අතර, ඊට ‘ඩ්‍රැගන්’ හෙවත් මකරා යන අර්ථය සහිතව ඊට නම් තබා ඇත්තේ එය සක්‍රීය කළ විට එම මකරෙකු ගිනි පිඹින ආකාරයක් දුරට දර්ශනය වීම හේතුවෙන්.

තව කියවන්​න

පසුගිය දිනවල අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත එම අමාත්‍යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. රෝහණ බැද්දගේ මහතා ඇතුළු පිරිසක් විසින් ගායනා කරන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කිරීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බව‍යි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ.

තව කියවන්​න

2024දී පළමු තරගවාරය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට හැකියාව ලැබුණා. ඒ ඉතාලියේ රෝම නුවරදී ක්‍රියාත්මක වු ෆෝලෝරන්ස් මලල ක්‍රීඩා සැලකෙළියේ පිරිමි මීටර් 150 ඉසව්ව ජය ගනිමින්. ආබාධයක් හේතුවෙන් කලක් මලල ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි යුපුන් අබේකෝන් එම ආබාධයෙන් පසු යළි තරග වැදුණු පළමු තරගය ද මෙය වුණා.

තව කියවන්​න