Author: VNews

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි . දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන් . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2024 ඔක්තෝබර් 27) යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, අද දින (2024 ඔක්තෝබර් 27) මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු…

තව කියවන්​න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි අවසන් එක්දින තරගය පරාජය වුවද තරගාවලිය සාර්ථකව නිමා කිරීමට හැකිවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා. ඊයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේ පැවති තරගයෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් චරිත් අසලංක මේ බව කියා සිටියා. දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 ට 1ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

තව කියවන්​න

කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි. එමෙන්ම උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන ජනතාව මේ පිළිබදව වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

තව කියවන්​න

ජනතාවට බදු සහන ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකගතාවය ලබා ගැනීමට රජය අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. රට මුහුණ දී සිටින අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩගැනීම සදහා දක්ෂත කණ්ඩායම තමන් සතුව සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

තව කියවන්​න

රජය තුළ කිසිදු මතවාදී අර්බුදයක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. ඇය කියා සිටියේ තමන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර රජයේ තීන්දු තීරණ ගැනීමේදී කිසිදු ගැටළුවක් නොමැති බවයි.

තව කියවන්​න

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ඒ සදහා සේවකයින් 8000ක් පමණ යොදවා ඇති බවයි. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සදහා අද සිට විශේෂ දින තුනක් නම් කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළේ.

තව කියවන්​න

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සාමකාමීව නිමාවට පත්වු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීම සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා ඊයේ පැවති ජන්ද විමසීමෙන් ඡන්ද කොට්ඨාශ 15ක බලය හිමිකර ගනිමින් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් 2447 ක් ඊශ්‍රායල් බලා පිටත්ව ගොස් තිබේ. මේ අතර, කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබු තවත් ශ්‍රී ලාංකිකයන් 61 ක් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබා දීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ දින (10/25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කරන ලදී . මෙම පිරිස ඊශ්‍රායල් කෘෂි කාර්මික රැකියා හිමි වූ 53 හා 54 වන කණ්ඩායම වන අතර, ඔවුන්ගෙන්  13 දෙනෙක්  මේ මස 30 දිනත්‚ ඉතිරිය  නොවැම්බර් මස 6 සහ 16 දිනයන් හිදිත් ඊශ්‍රායල් බලා පිටත්ව යාමට නියමිතයි. මේ දිනවල ඊශ්‍රායල්යේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට රැකියාවල…

තව කියවන්​න

රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ , සහල් ඇසුරුමක් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් දෙදෙනෙකු 10/26 දින උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .  මොහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කුකුළු ගොවිපළක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙකි . ඔහු 10/26 දින උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 47 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින්…

තව කියවන්​න