Author: VNews

නිරිතදිග පාකිස්ථානයේ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලස මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් ඊයේ දිනයේ දී රුපියල් මිලියන 40 ක ආදායමක් උපයා තිබෙනවා. ඒ අනුව පසුගිය 10 වනදා සිට මේ දක්වා අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් ඉපයූ අදායම රුපියල් මිලියන 191ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී කහටපිටිය කියා සිටියේ.

තව කියවන්​න

රගරදගුරුවරයෙකු ඇතුළු සිව් දෙනෙකුට සිඩ්නි නුවරදී පිහි ප්‍රහාරයක් එල්ල කර සිඩ්නි නුවර පැවති ධර්ම දේශනාවක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර පසුගිදා සිඩ්නි නුවර බොන්ඩි වෙරළ ආසන්නයේ පිහිටි සාප්පු මධ්‍යස්ථානයකදී ද සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් කුඩා දරුවෙකු ඇතුළු කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

තව කියවන්​න

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දේවස්ථානයක් තුළදී පිහි ඇනුමක් සිදුව තිබේ. ඉන් බිෂොප්වරයෙක් සහ තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දේවස්ථානයේ පැවති දේවමෙහෙයක් අතරතුරදී කළු ඇඳුමින් සැරසුණු අයෙකු පැමිණ එක්වරම මෙම පිහි ප්‍රහාරය එල්ලකර තිබේ.

තව කියවන්​න

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසත්, ඩෙංගු පැතිර යාම අවම කිරීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙසත් එම අංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව මූතූර්, උප්පාරු මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට ගෙන තිබෙනවා. ඊයේ (14) පස්වරුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ. එහිදී හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 63 ත් අතර වයසේ පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

තව කියවන්​න

අවශ්‍යතා අනුපිළිවෙළක් අනුව වාහන ආනයනය කිරීමට ඉදිරියේදී අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වැඩිදුරටත් සඳහන් කළේ මහ බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා ඇති බවයි.

තව කියවන්​න

පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත් ඉතිරි එකඟතා සම්බන්ධයෙන් නැවත වරක් සාකච්ඡා වටයක් ඉදිරියේ දී පැවැත්වෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා. අදාළ සාකච්ඡාවේදී කරුණු 4ක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනුණු අතර එහිදී කරුණු දෙකකට එකගතාව පළවුණා. සෙසු කරුණු දෙක සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වන බවයි සාගල රත්නායක මහතා සදහන් කළේ. මේ සම්බන්ධයෙන් තම ඉතා සුබවාදී ආකල්පයක පසුවන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා. මාර්තු මාස අග…

තව කියවන්​න

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා . ඒ අනුව සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනකට එක්වීමේ හැකියාව BARK Air විසින් සලසා දී ඇති බව සඳහන්. නිව්යෝර්ක් හි සිට පිටත්වන පළමු ගුවන් ගමන් සඳහා BARK Air වෙබ් අඩවිය ඔස්සේ අසුන් වෙන් කරවා ගැනීමේ පහසුකමද මේ වන විටත් ලබාදී තිබෙනවා.

තව කියවන්​න