- ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
- ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික ප්‍රගතියක් ලබයි-එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීන්
- සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේකයක්
- වැටුප් විෂමතාව විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍යයි-මහින්ද ජයසිංහ
- ස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට
- අයවැය නොවැම්බර් 7
- පාතාලෙට උණ්ඩ දුන්න හමුදා ලොක්කාට මාංචු වැටෙයි
- බලපිටියට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්
Author: VNews
පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාව හා අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වගා බිම්වල අස්වනු නෙළමින් සිටි ගොවීන් කිහිප දෙනෙකු අකුණු අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සදහන්.
කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීමත් සමඟ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත බවයි සඳහන් වන්නේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් තමාගෙන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. එම ඉල්ලීම් සම්බන්ධයෙන් තවදුරටත් කල්පනා කිරීමෙන් අනතුරුව ඉදිරි සති දෙක තුළ තමන් තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද කියා සිටියේ.
අද දිනයේ දී වෙළඳපොළේ රන් මිල වැඩිවීමක් සිදුව තිබෙනවා. වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 713,245ක් ලෙසයි. එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 6,683ක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,160ක් ලෙස සටහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,070ක් සහ රුපියල් 22,020ක් ලෙසයි සඳහන් වුණා
නිෂ්පාදන කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI – නිෂ්පාදන) 2024 මාර්තු මාසයේ දී 62.5ක දර්ශක අගයක් වාර්තා කර තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ප්‍රසාරණයක් පෙන්නුම් කරන එම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ, මෙය වසර තුනකින් වාර්තා වූ ඉහළම PMI-නිෂ්පාදන අගය බවයි. මෙහි දී ප්‍රධාන වශයෙන් සෘතුමය ඉල්ලුම මත මෙම වැඩිවීමට දායක වෙමින් සියලු ම උප දර්ශක මාසික පදනමින් පුළුල් වී ඇති අතර, එහි නව ඇණවුම් සහ නිෂ්පාදනයේ වැඩි වී තිබෙනවා.
මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබදව සහ එහි ක්‍රියාකාරීත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමූරා විසින් පැසසුමට ලක් කර තිබෙනවා. ඒ එම අරමුදලේ වසර මැද සුමුලුවට සහභාගී වීම සදහා වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමඟ පැවති සාකච්ඡාවේදීයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව සදහා විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්ද පවත්වා තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීම සඳහා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ අද සංචාරයක නිරතව තිබෙනවා. ජනාධිපතිවරයා පා ගමනින් කෝට් ලොජ් වතු යායේ සංචාරයට එක්වූ බවයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් උත්සව සමයේදී බේකරි හිමියන් කේක් නිෂ්පාදනය සිදු නොකළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන සදහන් කළේ මහා පරිමාණ බේකරි හිමියන් පමණක් 25%ක පමණ කේක් නිෂ්පාදනයක් සිදු කළ බවයි. මේ වන විට වෙළදපොළේ බිත්තරයක මිල රුපියල් 55 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් තායිවානය තවදුරටත් චෝදනා කරනවා. ඒ අනුව තායිවානය පවසන්නේ චීන හමුදාව අඛණ්ඩව සිය ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝනය කරන බවයි. තායිවානය පවසන පරිදි එරට වේලාවෙන් ඉකුත් සෙනසුරාදා උදෑසන 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ චීන හමුදා ගුවන් යානා 16 ක් සහ නාවික යාත්‍රා 8 ක් රට වටා ගමන් කර තිබෙනවා.
මේ වසරේ ගත වූ මාසය කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම මාස කිහිපය තුළ බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 7,547ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 4,527ක්. මෙම වසර තුළ ඩෙංගු මරණ 08ක් පමණ වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222