Author: VNews

ත්‍රිවිධ හමුදාවේ සේවයට වාර්තා නොකළ කොමිෂන් ලත් නිලධාරීන් හැර සෙසු නිලයන් සඳහා අද සිට පොදු සමාකාලයක් ක්‍රියාත්මකයි. එය මැයි මස 20 වනදා දක්වා බල පැවැත්වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා. මෙම පොදු සමාකාලය තුළ සේවයට වාර්තා කරන්නන් නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. එමෙන්ම විදේශගත හමුදා සාමාජිකයන් සඳහාද මෙහිදී සේවයෙන් ඉවත් වීමට අවස්ථාව සැළසෙන අතර, ඊට අදාළවද අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, නැවත තම ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව ඊට ඉඩ ලබා දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

තව කියවන්​න

නවසීලන්තයේ වෙලිංටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. දැනට ශ්‍රී ලංකාවට වෙලින්ටන් හි කොන්සල් කාර්යාලයක් ඇති අතර, 2024 වසර සඳහා වූ පළමු කැබිනට් රැස්වීමේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරිපත්කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව‍යි මෙම මහ කොමසාරිස් කාර්‍යාලය පිහිටුවීම සිදුවනු ලබන්නේ . විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු නියෝජිත පිරිසක් එම කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අප්‍රේල් 22වනදා නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත බවත් එම අමාත්‍යංශය සඳහන් කළා. දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල…

තව කියවන්​න

දරුවන් අතර අලුත් අවුරුද්දෙන් පසු පාචනය රෝගය ව්‍යාපත් වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. එමෙන්ම දරුවන් තුළ හතිය, ඉන්ෆ්ලුවෙන්සා,වයිරස් උණ ද ව්‍යාප්ත වී ඇති බව ඒ මහතා පවසනවා . වමනය, බඩඑළිය රෝග ලක්ෂණ තිබේ නම් දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතයුතු බව ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියසිටීයා . වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරන්නේ දරු­වන්ට යම් රෝග ලක්ෂ­ණ­යක් තිබේ නම් ඔවුන් නිවෙසේ තබා විවේ­කය ලබා දීමට මවු­පියන් කට­යුතු කළ යුතු බවයි.

තව කියවන්​න

ප්‍රවිණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැක කෙරෙන සුරා බදු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, අදාළ සැකකරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රන්වල බලකාය සමග ප්‍රවීන ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන ලද අවුරුදු ගීතයක් විකෘත කිරීම සම්බන්ධයෙනුයි මොහුට එරෙහිව චෝදනා එල්ල වුණේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි අප වාර්තාකරු කියා සිටියේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පමණක් වන අතර මොහු වෙනුවෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිඥ තිනෙත් කොරසගල්ල මහතා පෙනී සිටියා.…

තව කියවන්​න

දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍යවරුන් අද වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. ඒ, රෝහලේ සිමා වාසික වෛද්‍යවරුන් 45 දෙනෙකු හට මාසිකව ලබා දෙන වැටුප් දීමනාව නිසි පරිදි ලබා නොදීම හේතුවෙන්. අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වූ බවයි.

තව කියවන්​න

ප්‍රවිණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැක කෙරෙන සුරා බදු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, අදාළ සැකකරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රන්වල බලකාය සමග ප්‍රවීන ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන ලද අවුරුදු ගීතයක් විකෘත කිරීම සම්බන්ධයෙනුයි මොහුට එරෙහිව චෝදනා එල්ල වුණේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි අප වාර්තාකරු කියා සිටියේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පමණක් වන අතර මොහු වෙනුවෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තිනෙත් කොරසගල්ල මහතා පෙනී සිටියා. මේ…

තව කියවන්​න

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබේ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මේ බව තහවුරු කර ඇත. පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 7ක සිරදඬුවමක් නියම කෙරිණි.

තව කියවන්​න

මැතිවරණය සඳහා තැන්පතු මුදල් ඉහළ දැමීමට එරෙහිව අල්ලස හා දුෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඉකුත් 09 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන දැනුම් දුන්නේ ජනපතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.

තව කියවන්​න

දේශපාලනඥයන් සිදු කරන වැඩ වෘත්තීය සමිති අගය නොකළ ද ජනතාවගේ ඇගයීමට ලක්ව ඇති බව අමාත්‍ය නිමල්  සිරිපාල ද සිල්වා මහතා පවසනවා. වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පල කළා. වරාය අධිකාරියේ ඉංජිනේරු යාන්ත්‍රික කොට්ඨාස සහ යන්ත්‍රෝපකරණ කොට්ඨාසය එක්ව අලුත්වැඩියා කළ ප්‍රයිම් මූවර් රථ 05 ක් වරාය අධිකාරියට භාරදීම මෙහිදී සිදු කෙරුණා.

තව කියවන්​න

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා . සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා .

තව කියවන්​න