Author: VNews

ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක් වී තිබෙනවා. මෙම අනතුරින් එක් අ‍යෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 07 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වෙන්නේ. සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ මුර සංචාරයේ යෙදෙන හෙලිකොප්ටර් යානා දෙකක් පැසිෆික් සාගරයට ඉහලින් රාත්‍රී අභ්‍යාස පුහුණු අභ්‍යාසයක් අතරතුර කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව අතර පැවති රැස්වීම සාර්ථකව නිම කරමින් මෙරට ආර්ථිකය පිළිබද ධනාත්මක ප්‍රතිඵල රැසක් අත්කරගැනීමට හැකිවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. මෙරට ආර්ථික වර්ධනයන් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය සහ බදු පරිපාලනය ශක්තිමත් කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී ඵලදායී ලෙස ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවූ බවයි ඔහු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. එමෙන්ම මෙරට ජනාධිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳවද ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

තව කියවන්​න

වාරණයට ලක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය ජයවර්ධනපුරදී දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණා. එය නීත්‍යානුකූල නොවන රැස්වීමක් බව පවසමින් භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් විරෝධය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ. එවන් පසුබිමක වාරණයට ලක් වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය අද ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී විධායක සභා රැස්වීමක් කැඳවා තිබෙනවා. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ, එම විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරයට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත්කළ බවයි

තව කියවන්​න

පාස්කු ඉරුදින ඛේදවාචකයේ පස් වසර සිහිකිරීමේ යැදුම් පාගමනක්  පැවැත්වී තිබෙනවා. මෙම පා ගමන පැවැත්වී තිබෙන්නේ, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වායි.

තව කියවන්​න

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ විලී ගමගේ එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා භාර දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව එළැඹෙන මැයි මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම ධුරයෙන් විශ්‍රාම යනු ඇති.

තව කියවන්​න

ඖෂධ සහ ශල්‍ය උපකරණවල හිඟයක් තවමත් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පවසනවා. ඒ අනුව ඖෂධ සහ ශල්‍ය උපකරණවල සියයට 20ත් – 30ත් අතර හිඟයක් පවතින බව ඒ මහතා සඳහන් කළා.

තව කියවන්​න

ඉන්දියාවේ සිට ලොකු ලූනු මෙටි්‍රක් ටොන් 10,000ක් ආනයනය කරනු ලබන්නේ රජයේ ආයතනයක් හරහාද නැතහොත් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා ද යන්න සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා අවසන් තීරණයක් ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ජා-ඇළ අද පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තව කියවන්​න

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහා නව මාර්ගගත (Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන මහතා පැවසුවේ දින 4ක් සඳහා එම මාර්ගගත වීසා ක්‍රමවේදය හඳුන්වා දෙන බවයි. ඒ සඳහා අය කරන මුදල දැක්වෙන්නේ ඩොලර් 25ක් ලෙසයි.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව,වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා,මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

තව කියවන්​න

මෙම වසරේ පෙබරවාරි මාසය තුළදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,059 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 7.9% කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෙළඳ භාණ්ඩ ආනයන වියදම ද එම කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 1,378 දක්වා 35% කින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

තව කියවන්​න