- ටී-56 ගිනි අවියක් සහ පතරොම් සහ පහක් මාට්ටු
- කටාර් ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ට්‍රම්ප්ගෙන් නිවේදනයක්
- මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් සඳහා ඉන්දීය ආධාරයක්
- විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක්
- අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක්
- ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව
- හිටපු නාවික හමුදාපති යලිත් රක්ෂිත බන්ධනාගාරයට
- මාකදුරේ මදූෂ්ගේ බිරිඳගෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් – VIDEO –
Author: VNews
කඩුවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය. තුවාල ලැබුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද වෙයි.
2022 වසරේ දී රුපියල් බිලියන 743ක අලාභයක් ලැබූ රාජ්‍ය ව්‍යසාය, 2023 වසරේ දී රුපියල් බිලියන 456ක ලාභයක් උපයා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා . විශේෂයෙන් ම විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි සහනාධාර මත ක්‍රියාත්මක වූ ආයතන සිය නිෂ්පාදන සඳහා පිරිවැයට සරිලන මිලක් නියම කිරීම ද මෙම ලාභය වාර්තා කිරීම සඳහා හේතු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන ආශ්චර්යයක් සිදු කර ඇති බව නෝර්වේ රාජ්‍යයේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම් පවසනවා. ජනාධිපති වික්රමසිංහව ‘පැන නොගිය මිනිසා’ ලෙසින් තමා හඳුන්වන බව පවසමින් සිය නිල X ගිණුමේ සටහනක් තබා සඳහන් කරන්නේ, මීට මාස 18කට පෙර ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අගාදයක ගිලී සිටි බවත්, එහි ප්‍රතිපල ලෙස නොනවතින විදුලි විසන්ධි කිරීම්, ඉන්ධන පෝලිම් සහ උද්ධමනය නිසා මෙරට ව්‍යාපාර බංකොලොත් වූ බවත්, එවක ජනාධිපතිවරයාව ජනතාව විසින් පළවා හැර දැමූ බවයි.
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්ව කෙනෙකු සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව එළඹෙන මැයි 17 වැනි දා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය තීරණය කළා.
පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ලූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි . ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා .
පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව ත්‍රිකුණාමලය පෝඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සහ සිලාවතුර කොණ්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ කළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. ධීවර කටයුතු සදහා යොදා ගැනුණු ඩිංගි යාත්‍රා දෙකක් කිමිදුම් උපකරණ සහ තවත් ආම්පන්න රැසක්ද නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා.
යුරෝපය සහ චීනය අතර පවතින අර්බුදය යුක්රේන යුද්ධය පදනම් කර ගනිමින් තවත් තීව්ර වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව යුරෝපා සංගමයේ සම්බාධක මග හැරීමට රුසියාවට උදව් කළ නිසා තවත් චීන සමාගම් කිහිපයක් අසාදු ලේඛනයකට ඇතුළත් කිරීමේ සැලසුමක් පිළිබඳව චීන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට දැනුම් දීමට යුරෝපීය සංගමයේ නිලධාරීන් සූදානම් බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. රුසියාවට විකිණීමට අවසර නොලබන යුරෝපීය නිෂ්පාදිත භාණ්ඩ මිල දී ගෙන රුසියානු හමුදා ගැනුම්කරුවන්ට අපනයනය කිරීම සම්බන්ධයෙන් චීන සමාගම්වලට යුරෝපයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී හත්දහස් එකසිය පනස් හය දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින පිරිසට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පසුගිය විසි වනදා සිට ලබන 20 වනදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව එහි පළමු සතියේදී 2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයින් 7143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව අස් කිරීමට කටයුතු කර තිබෙනවා.
දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් හෙට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව සංවර්ධන නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති නීතීඥ අනුරාධ සෙනෙවිරත්න කියා සිටියේ ප්‍රවාහන හා ලිපිද්‍රව්‍ය ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.
බලපත්‍ර නොමැතිව ව්‍යාජ රත්රන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනකු කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කලේ සැකකරුවන් සමග ව්‍යාජ රත්රන් කිලෝ 4 යි ග්‍රෑම් 170 ක් තමන් භාරයට ගත බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන් ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු හා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 32 පසුවන කාන්තාවන් දෙදෙනෙකු බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222