Author: VNews

ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීම ඉදිරි දේශපාලන සැලැස්ම වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වන තෙක් තීරණය කර නොමැති බවයි ඔහු සඳහන් කළේ.

තව කියවන්​න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගැනීමට චමරි අතපත්තු සමත් වුණා. එක්දින පිතිකරන ශ්‍රේණිගත කිරීම් වල පළමු තැන රැඳී සිටින ඇය මේ වන විට තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ද වනවා.

තව කියවන්​න

සුළු වැරදි සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර තිබෙන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන පණත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ඇමරිකා කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 18කින් ජය ගනිමින්. අබුඩාබිහී ට්‍රොලෙරෙන්ස් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 4ක් දැවී ලකුණු 123ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 105ක් පමණයි. චමරි අතපත්තු තම පන්දුවාර 4 අවසානයේ ලකුණු 14කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා.

තව කියවන්​න

ආසියානු රටවල් රැසකින් මේ දිනවල උෂ්ණාධික කාලගුණයක් වාර්තාවන අතර ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ඉන් වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා . මේ වනවිට ඉන්දියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව ද සදහන් . උෂ්ණාධික කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයටයි . ඒ හේතුවෙන් ප්‍රාන්ත වැසියන් ට දරුණු ජල හිඟයකට ද මුහුණ දීමට සිදුව තිබෙනවා . ප්‍රදේශයේ බහුතර ජන කොටසක් ළිං ජලය භාවිත කරන අතර ළිං සිඳී යාමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ . අප්‍රේල් මාසයේ නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තාවී ඇති උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 28.12ක් බව සඳහන් .

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද දින පෙරවරු 4.30ට මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිත යි . එම සාකච්ඡාවේදී පසුගිය මැයි දිනය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සදහන් . මීට පෙර දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා වලදී බැසිල් රාජපක්ෂ මහතා විසින් බලය බෙදීම සම්බන්ධයෙන් සහ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් බවත්, ජනාධිපතිවරයා මහාසංඝරත්නය සමගත් ජාතික සංවිධාන සමගත් වෘත්තීය සමිති සමගත් සාකච්ඡා කිරීම වැදගත් බවත් කියා තිබෙනවා .

තව කියවන්​න

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ සඳහන් කළේ අද පැවති “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

තව කියවන්​න

සිරගත කර සිටින හොංකොං හි ව්‍යවසායක ජිමී ලායිට ගෞරවයක් ලෙස අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි හොංකොංහි තානාපති කාර්යාලය ඉදිරිපිට වීදිය “ජිමී ලායි වේ” ලෙස නම් කිරීමට අමෙරිකාවේ කොන්ග්‍රස් සභිකයින් දෙදෙනෙකු පනතක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා . ඒ සඳහා වන පනත් කෙටුම්පත, නිල වශයෙන් හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලය ලෙස හඳුන්වන තානාපති කාර්යාලයේ තැපැල් ලිපිනයේ නම වෙනස් කිරීම අදාළ බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මෙරට ජනගහනයෙන් සියයට 10 ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසනවා. දියවැඩියාව වැළඳීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ආහාරවල අධික ලුණු, සීනි හා තෙල් අඩුකර, දිනකට වතුර ලීටර් තුන හමාරක් පමණ පානය කිරීම තුළින් මෙම රෝගයෙන් මිදීමට අවස්ථාව ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ .

තව කියවන්​න

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ සුළු පහළ යෑමක් අද  දක්නට ලැබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.11%ක් පහළ ගොස් වාර්තා වන්නේ ඩොලර් 88.24ක් ලෙසයි. WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.36ක් ලෙස සටහන් වනවා.

තව කියවන්​න