- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ නව පාස්පෝට් තොගයක් ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු පසු පවතින ගැටලුව විසඳෙන බවයි.
ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 58 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි. ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 738050 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි ද කොමිෂන් සභාව සදහන් කරයි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට, නොවැම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.
ලබන වසරේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බවත්, හිඟ රුපියල් 5,000 දීමනාව ලබන ජනවාරි මස ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු කියා සිටියේ චක්‍ර ලේඛයේ සඳහන් පරිදි අදාළ වැටුප් වැඩි කිරීම් සිදු කරන බවයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරිමට යෝජනාවක් සම්මත කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන වර්තමාන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) අතුරුගිරිය පැවැති ජනරැළියක් අමතමින්.
දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාලීය දුම්රියක් දෙමටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
තමාට ගෙදර ඉන්න කියන ජනාධිපති අනුර කුමාර දිසානායකටත් බහුතරය නැති හෙයින් තමාගේ සහ අනුරගේ තිබෙන වෙනස කුමක්දැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අදමීගමුවේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන රැළියක් අමතමින්. එහිදී ඔහු කියා යේ පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නැයි ජනාධිපති අනුර තමාට කියා තිබෙන බවයි. බහුතරයක් දෙනා තමාට ඡන්දය දුන්නේ නැතැයි කියන කාරණය තමා පිළිගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා. එමෙන්ම බොහෝ දෙනා පවසන්නේ අනුර කුමාර දිසානායක මාස තුනයි බලයේ සිටිනේ බව නමුත් එතුමා ජනාධිපති ලෙස ගමනක් යා යුතු බව ඔහු කියා සිටියා.
මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 75ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 791ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 74ක් වාර්තා වනවා.
ඔක්තොම්බර් මාසයේ ගත වූ දින 20ක කාලය තුළ සංචාරකයින් 85, 836ක් මෙරටට පැමිණ තිබෙනවා. මෙම සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දියානුවන් වන අතර, බ්‍රිතාන්‍ය, චීනය, ජර්මනිය, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය ඇතුලු රටවල්වලින් ද සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222