- නේපාලයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් !
- ඊළග අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය – VIDEO –
- අයිස් අමුද්‍රව්‍ය ගැන වාර්තා දින දෙකකින්
- පිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..
- තරුණයින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බවට අනාවරණයක්
- මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට පියවර
- හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරේ
- ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
Author: VNews
උණුසුම් කාලගුණ තත්වයත් සමඟ මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවා. ඇය පෙන්වා දෙන්නේ ඇතැම් චර්ම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය බවයි.
දැනට පවතින මූලික අයිතිවාසිකම්වලට අමතරව අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුළු අයිතීන් රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට තම රජයක් යටතේ පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඇතිමලේ ප්‍රදේශයේ පැවැති සක්වළ වැඩසටහනේදීයී.
මධ්‍යම පළාතේ සියලු රෝහල් කේන්ද්‍ර කරගනිමින් හෙට දිනයේ වර්ජනයක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් තීරණය කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමූ දීමනාව හෙවත් ඩැට් දීමනාව තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව අවස්ථා කිහිපයකදී වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා. එහි ආසන්නතම වර්ජනය ක්‍රියාත්මක කෙරුණේ උතුරුමැද පළාත කේන්ද්‍ර කරගනිමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පිහිටි කොළඹ ඩාලි පාර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කොට ඇති අතර පොලිස් ජල ප්‍රහාරක රථ ද එහි කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා දියර කිරි ආනයනය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන70ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලී කොතලාවල පවසනවා. මෙරට දියර කිරි අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය වන්නේ සියයට 40 ක ප්‍රමාණයක් පමණක් බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
ආර්ථික ස්ථායිතාව වෙනුවෙන් රජය ගෙන එන ආර්ථික පරිවර්තන පනතට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටී. ඒ, ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවයේදීය
ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑම් සක්‍රීය වී ඇති ස්ථානයේ පොළව අභ්‍යන්තරයේ රැදී ඇති ජලය ඉවත් කිරීම සාර්ථකව ආරම්භ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා. එහි නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණි ජයතිස්ස සඳහන් කළේ යන්ත්‍රයකින් විද එහි ජලය ඉවත් කිරීම ආරම්භ කළ බවයි.
වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එය ක්‍රමානුකූලව සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
උතුරු ඇෆ්ගනිස්ථානයේ අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්වයෙන් 300කට අධික පිරිසක් මියගොස් ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසනවා. බග්ලාන් පළාතේ දිස්ත්‍රික්ක පහකට පෙරේදා අධික වර්ෂාවක් පතිත වී තිබූ අතර, නිවාස, පාසල් සහ ගොඩනැගිලි රැසක් ජලයෙන් යටවී තිබුණා. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන තලේබාන් පාලනය ප්‍රකාශ කර ඇත්තේ මියගිය සංඛ්‍යාව 150 ක් පමණක් බවටයි.
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ට වැඩිතද වැසි ඇතිවිය හැකි බවද සදහන් . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා . ‘
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222