Author: VNews

පාර්ලිමේන්තුව මැයි 22 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය පසුගිය මැයි 14 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත මේ අනුව මැයි 22 වනදා පෙව 9ග30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මැයි 14 දිනැතිව ගැසට්පත්‍රයේ පළ ‍කර ඇතිිආර්ථික පරිවර්තන’ සහිරාජ්‍ය මූල්‍ය කළමනාකරණ’ නැමැති පනත් කෙටුම්පත් දෙක එදින පළමුවර කියවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය අනතුරුව පෙව 9ග45 සිට පව 5ග30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයවූ බව මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය

තව කියවන්​න

කොළඹ දිස්ත්‍රීක්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බෞද්ධ සංවිධාන, ව්‍යාපාරිකයින් සම්බන්ධීකරණය කරමින් උත්කර්ෂවත් ලෙස වෙසක් සැමරීම සඳහා වෙසක් කළාප සංවිධානය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා මාලාවේ කොළොන්නාව සාකච්ඡාව අද (2024.05.17) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා – විදුලි බිල අඩු කළ යුතුයි. ඒ සඳහා අපි ආණ්ඩුව ඇතුලේ කතා කරනවා. දැන් විදුලි බිල අඩුකිරීමේ සීමාවෙ තියෙන්නේ. එය ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. විදුලි බිල අඩුකරන්න හැකි වෙන්නේ උමා ඔය විදුලිබලාගාරය ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිසයි. දැන් ලංකාවේ විදුලි පද්ධතියට මෙගාවොට් එකසිය…

තව කියවන්​න

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබද සොයා බැලීමේ කමිටු වාර්තාව ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අදාළ කමිටුව මුදල් අමාත්‍යංශයේදී රැස් වු අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට හිමි ගිණුම් ලක්ෂ 11ක් පමණ පවතින බවට අනාවරණ වී තිබෙනවා. ඒ අනුව එම ගිණුම් විධිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද රජයේ අවධානය යොමුව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩක කුසල් මෙන්ඩිස්ගේ විසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ කුසල්ගේ විසා අයදුම්පත ප්‍රතික්ෂේප වී නොමැති බවයි. කෙසේවෙතත් ඔහුගේ විසා අයදුම්පතට අදාළව තවත් ලේඛණ කිහිපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බවයි ඇෂ්ලි ද සිල්වා මහතා සදහන් කළේ.

තව කියවන්​න

දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා සඳහන් කළේය. වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතු බවත් දේශපාලන තන්ත්‍රය මඟින් සිදු කළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද…

තව කියවන්​න

කෘත්‍රීම බුද්ධිය  ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්ල ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති අතර එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවත්ල දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රීම බුද්ධි…

තව කියවන්​න

හෙට සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව ඒකාබද්ධ ග්‍රාම සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා. දින තුනක සිට ක්‍රියාත්මක ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග  පස්වරුවේ අවසන් කෙරුණා. ඒ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් පසුවයි. කේසේවතත් තම අයිතිවාසිකම් දිනා ගැනීම සදහා ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක නිරත වන බවයි ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති නියෝජිතයින් සදහන් කළේ.

තව කියවන්​න

අන්තර්ජාලය ඔස්සේ මෙරට බාලවයස්කාර දරුවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඉහළගොස් ඇති බවට අමෙරිකානු ආයතනයක් වාර්තාවක් මගින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. අදාළ වාර්තාව පදනම් කරගනිමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයට දැනුම් දී ඇත්තේ. දිනෙන් දින සිදුවන ළමා අපචාර සිද්ධින් ඉහළ ගොස් ඇති බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කළා. එම කාර්යංශය පැවසුවේ මෙම වසරේ අප්‍රේල් 31 වනදා දක්වා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා මගින් දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට බලපෑම් කිරීමේ සිද්ධින් පිළිබද පැමිණිලි 55ක් ලැබී ඇති බවයි.

තව කියවන්​න

පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පළවන වාර්තා පදනම් විරහිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා. රට යහපත් තත්ත්වයකට පත්වීමෙන් පසුව නියමිත පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රිඩා ඔම්බුස්මන්වරයා ලෙස විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු වන චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා. ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ. චුලානන්ද පෙරේරා මහතා ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද මීට පෙර කටයුතු කර තිබුණා.

තව කියවන්​න