- නේපාලයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් !
- ඊළග අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය – VIDEO –
- අයිස් අමුද්‍රව්‍ය ගැන වාර්තා දින දෙකකින්
- පිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..
- තරුණයින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බවට අනාවරණයක්
- මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට පියවර
- හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරේ
- ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
Author: VNews
මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. උතුරේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය මෙන්ම ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබදව දැනුම් දීම සදහා ක්ෂණික දුරකතන අංකයක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව 1907 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඒ පිළිබද තොරතුරු ලබාදිය හැකිවනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනුයි මෙම දුරකතන අංකය ප්‍රකාශයට පත්කර ඇත්තේ. රටතුළ ව්‍යාජ වෛද්‍යවරුන් 40000ක් පමණ සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමව සදහන් කළේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වන මෝසම් කාලගුණ තත්ත්වය හමුවේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය කිහිපය සදහා නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ පළාත් කිහිපයක මිලි මීටර් 100 ඉක්මවු වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර ඉදිරි දින කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ඇදහැලුනහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් මතුවන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. කළු, කැළණි, ගිං , නිල්වලා ගංගා ආශ්‍රිතව පහත්බිම් අවට ජීවත් වන ජනතාව මේ පිළිබද අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබද සොයා බැලීමේ කමිටු වාර්තාව ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අදාළ කමිටුව මුදල් අමාත්‍යංශයේදී රැස් වු අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට හිමි ගිණුම් ලක්ෂ 11ක් පමණ පවතින බවට අනාවරණ වී තිබෙනවා. ඒ අනුව එම ගිණුම් විධිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද රජයේ අවධානය යොමුව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.
ඉදිරි මාස කිහිපය තුළ ඊ පාස්පොර්ට් ක්‍රමය මෙරටට හදුන්වාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපරාධකරුවන් මර්දනය සදහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි ටිරාන් අලස් මහතා සදහන් කළේ.
10 වැනි ලේක ජල සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි. 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය සාමුහික සෞභාග්‍ය සදහා ජලය යන තේමාව යටතේ අද සිට මැයි 20 වනදා දක්වා ඉන්දුනිසියාවේ බාලි නගරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදුකිරීමට නියමිතයි.
තිස්වසරක කුරිරු යුද්ධය නිමකළ මානුෂිය මෙහෙයුමේ විජයග්‍රහණයේ 15 වන සැමරුම අදට යෙදී තිබෙනවා. මේ අදට යෙදී තිබෙන විජයග්‍රහණයේ සැමරුම පිළිබද වී.එෆ්.එම් ප්‍රවෘත්ති අංශය තබන සටහනක්. මේ අතර 15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවිකයින් 3 146 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා. නාවික හමුදාව නිවේදනය කළේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ට නාවිකයින් 3146 දෙනෙකුට මෙලෙස උසස් වීම් ලබා දී ඇති බවයි.
සටන් පාඨවලට නොසැලි රට ගොඩනැගිමේ කාර්ය ඉටු කිරීමට තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. සුහුරු රටක් ගොඩනැගිම වෙනුවෙන් සිය කාර්ය නිවරදිව ඉටු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සදහන් කළේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතිවු ගැටළුවලට මුහුණදුන් විභාග අපේක්ෂකයින්ට සාධාරණයක් ඉටු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඊයේ පස්වරුවේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටිමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් විභාග කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළා. සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු බව කියන විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කිහිපයකට අදාළ විමර්ශන කටයුතු සදහා විභාග කොමසාරිස්වරයා , මානව හිමිකම් කොමිසම හමුවට කැදවා තිබුණා. ඒ අනුව ඊට අදාළව ඔහුගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
බදුල්ල ඇල්ල වැල්ලවාය මාර්ගය යළි තාවකාලිකව වසා දමා තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එකකය පැවසුවේ අද රාත්‍රි 08 සිට හෙට උදෑසන 06 දක්වා මෙම මාර්ගය වසා දැමෙන බවයි. නායයාමේ අවධානමක් ඊට හේතු වී තිබෙනවා. ඊයේ දිනයේදී එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222