Author: VNews

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (26) පෙ.ව 10.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව 10.30 තෙක් වලංගුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු මැද, දකුණු, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තව කියවන්​න

ගිනිගැනීමට ලක්වූ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානය, ගිනි ආරක්ෂණ ඇතුලු අදාළ ප්‍රමිති සහතික ලබානොගෙන පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇතිවූ මෙම ගින්නෙන් දරුවන් 9 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 28 දෙනෙකු මියගියා. විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් මත මෙම ගින්න හටගන්නට ඇති බවටයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ

තව කියවන්​න

අවදානම් සහිත ගල් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අනිද්දා පැය දෙකක පමණ කාලයක් වසා තැබීමට නියමිත බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා. විශේෂයෙන්ම කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කරන නායයෑම් නිවේදන සම්බන්ධයෙන් ජනතාව නිරන්තරයේ අවධානයෙන් පසුවිය යුතු බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස සඳහන් කළේ.

තව කියවන්​න

පවතින අවදානම හේතුවෙන් අද  සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියේ අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බවයි.

තව කියවන්​න

අයහපත් කාලගුණය නිසා සිදුවන හදිසි අනතුරු සහ ආපදා පාලනය කිරීම සඳහා සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. ඊයේ  කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ. මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පළාත් පාලන ආයතනවල සහය මේ සඳහා අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා.

තව කියවන්​න

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව විදුලි බලාගාර ඉංජිනේරුවන් පවසන්නේ එම ජලාශවල ජල මට්ටම ඉහළයාමත් සමඟ විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි .

තව කියවන්​න

කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථානය අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. එම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,320ක් වැය වී තිබෙන අතර නෙදර්ලන්ත රජය විසින් ඒ සඳහා අරමුදල් සපයා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

තව කියවන්​න

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන් . එමෙන්ම සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ . මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 ත් 60 ත් අතර ප්‍රමාණයක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . වොයිස් කට් – නිමල් බණ්ඩාර මේ…

තව කියවන්​න

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඔහු කියා සිටියේ මේ වන විට ඩෙංගු රෝගීන් 23,000ක් පමණ වාර්තා වී ඇති බවයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, යාපනය යන දිස්ත්‍රික්කවල මේ වන විට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද සදහන් .

තව කියවන්​න

බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද දිනයේත් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දුම්රිය ගමන් ගන්නා මාර්ගයට ගස් සහ ගල් කඩා වැටීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න