- තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
- ගංජා පානය කර සිටි බස් රථ රියදුරෙක් අත්අඩංගුවට
- යක්කල පහරදීමේදී පොලිසිය ආපු විදිහ ගැන තොරතුරු ඉල්ලයි
- ධාවනයට නුසුදුසු තත්ත්වයේ ලොරි රථයක් පොලිස් භාරයට
- බොරුව මුසාව මුලාව පසෙකලා රටට ඇති සැබෑ අභියෝගය හඳුනාගත යුතුයි
- දීර්ඝ සති අන්තියේ නුවරඑළියට විශාල සංචාරකයන් පිරිසක්
- රත්නපුර ශික්ෂන රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවයි.
- ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් පැදවූ වෛද්‍යවරියක් අත්අඩංගුවට
Author: VNews
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන තරග සදහා මෙලෙස විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඉන්දු – පාකිස්ථාන විස්සයි විස්ස තරගය ලබන 08 වනදා නිව්යෝර්ක් හිදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මෙම තරගය සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ලෝක කුසලාන තරග සංවිධායකින් තීරණය කර තිබෙනවා.
ආර්ථික කමිටු අතර විවාදයට එක් නොවන්නේ නිසි ආර්ථික වැඩපිළිවෙලක් නොමැති පාර්ශව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සහ නායකත්වය සමග විවාදය පැවැත්වීමට එකවර දින වෙන්කර ගතහැකි බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.
රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යයන කටයුතුවලට වඩා විෂය අධ්‍යාපන බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වල වැඩි වශයෙන් නිරත කරවිය යුතු බවත් එහි දී ක්‍රිකට් ක්‍රීඩාව වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් දරුවන් තුළ සමබර පෞරුෂයක් ගොඩනැගෙන අතර එමගින් තුලනාත්මක හැකියාවන් සහිත දරුවකු බිහි කරගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇති ව නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15න් පහළ හා 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන…
මෝල්ටාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන මෙම කාන්තාවගේ සැමියා මෝල්ටා රාජ්‍යයේ සේවය කරන බැවින් තමන්ට එරට රැකියා අවස්ථාවන් සොයා දිය හැකි බව පවසා පුද්ගලයෙකුගෙන් රුග884ල000ග00 ක මුදලක් ලබාගෙන තිබේග මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව හිමි නොවීම හේතුවෙන් එම පුද්ගලයා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතරල ඒ අනුව ප්‍රකාශ සටහන් කරගැනීමට අදාළ කාන්තාව කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදීග කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීමට මුදල් අයකිරීම හා කාර්යාංශ පනත උල්ලංඝණය කිරිම යන චෝදනාව යටතේ අත්අඩංගුවට…
ජනාධිපතිවරණයක්ල මහමැතිවරණයක් නොතියා ඔය ඉන්න 226 න් එකෙකුටවත් ගමකට නම් බහින්න බෑල මේ වෙන කොට ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙකුට ගමකට වදින්න බෑල ඒ තරම් මිනිස්සු කළකිරිලාල ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. ඔය හැමතිස්සේම දොඩවන කටවල් ටික නම් වහලා දාන්න වෙයිගඑහෙම වහලා නොදැම්මොත් ලොකු අපකීර්තියක්ල ලොකු කැළඹීමක් වෙන්න ඉඩ තියෙනවා මේ කරන ප්‍රකාශ වලින් යැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසීය. අනුරාධපු පලාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ. මේ මන්ද බුද්ධික මිනිස්සු වගේ මයික් ඉස්සරහා රඟපාන මිනිස්සු තමයි ඔය එක එක කථා කියන්නේල ව්‍යවස්ථාවක් තියෙනවා රටකගආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරණයක්ල…
ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රාන්තවලටයි. මෙය වසර කිහිපයකින් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙස සඳහන් වනවා. මේ අතර පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්තානයේ සුක්කූර් දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා තිබෙනවා. ඉදිරි දින කීපය තුළදී ද අධික උෂ්ණත්වයේ බලපෑම බලාපොරොත්තු විය හැකි බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ.
අධිකරණ බලය ගමේ ජනතාව දක්වා ගමන් කළ යුතු බවත් ඒ පිළිබඳ තමන් කළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නැති බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත පවසනවා. මාධ්‍යවේදියෙකු අසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ දැනට මහේස්ත්‍රාත් අධිකරණ තෙක් ගමන් කර ඇති අධිකරණ බලය තවත් පහළට ගමන් කළ යුතු බවත් ජනතාවගේ බලය ජනතාවට ලබා දිය යුතු බවත්ය.
රීමල් සුළි කුණාටුවේ බලපෑම හෙටින් අනතුරුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, ඉදිරි දින දෙක තුන තුළ නිරිතදිග මෝසම් කාලයේ වැසි පතිත වන දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැස්ස ලැබීම සිදුවන බවයි. මේ අතර පවුල් 10483 කට අයත් පුද්ගලයින් 39156 දෙනෙකු පීඩාවට පත්ව සිටි. ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ ප්‍රදේශයෙනි.
ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ වතු සේවක වැටුප ලබා ගැනීම සඳහා වැඩ වර්ජන දියත් කිරීමට සූදානම් බව පහතරට වතු කම්කරු සංගමය පවසනවා. මේ අතර කුඩා තේ වතු හිමියන් ප්‍රකාශ කරන්නේ රුපියල් 2000 දක්වා වුවද වතු සේවක වැටුප් ඉහළ නැංවිය හැකි බවයි.
ලෝකයේ දුර්ලභම ගීත ඇල්බමයක් ඔස්ට්‍රේලියානු කලාගාරයක ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, සුප්‍රසිද්ධ Hip-hop කණ්ඩායම වූ Wu-Tang Clan විසින් පටිගත කරන ලද ඒවා බවයි සඳහන් වන්නේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම ගීත ඇල්බමය ප්‍රදර්ශනය කෙරෙන කාලය තුළ එය නැරඹීමට පැමිණෙන අයට මිනිත්තු 30ක කාලයක් එහි ඇතුළත් ගීත ඛණ්ඩ රස විඳීමට හැකියාව පවතින බවයි
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222