- හික්කඩුවේ වෙඩි තැබීමක්
- ඝණ දෙවි ප්රතිමාවන් කොටගල ජලාශයේ දිය කර හැරීමේ උත්සවය අභිමානවත් ලෙස සමරයි
- ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
- ‘‘කප්තුරු සවිය” හෙට පුදුකුඩුඉරිප්පුවේදී
- ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද සිට
- වන අලි පහරින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
- පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු ගුණ සමරු උත්සවය අද
- තව දවස් දෙකක් පහු වුණා නම් සර්ලට අපේ නැට්ටවත් අල්ලන්න බෑ
Author: VNews
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා. කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබුවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන්නේ තමාට ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධනට දන්වා තිබෙනවා.
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා දුන්නා
රට තුළ මතු වී තිබූ ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කරනල්වරයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම නොවැම්බර් 19 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බවයි. ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරණය අවසන් වන තුරු රටේ ආරක්ෂක වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යාමටයි.
බඳවාගැනීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් කාර්යාල වෙත යාමට පැමිණි දුම්රිය මගීන් අද පෙරවරුවේත් දැඩි අපහසුතාවට ලක්වුණා. මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට විශ්‍රාමික දුම්රිය රියදුරන්ද සේවයට එක් කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ. වර්ජනයේ නිරත වෘත්තිය සමිති, ප්‍රවාහන අමාත්‍යවරයා හා ලේකම්වරයා ඇතුළු බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද දහවල් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත වනවා.
බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන දේව ගැති ජෙරෝම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූලි මස 22 වන දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන මුවාවෙන් වත්මන් නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ වඩුමුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක පැවති උත්සවයකදීයී.
ඊශ්‍රායල ප්‍රහාර දරුණු අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මියගිය සංඛ්‍යාව 226 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. ගාසා හි පිහිටි අල්-අක්සා සහ අල්-අවුඩා රෝහල ආසන්නයේ මළ සිරුරු 70ක් පමණ තිබෙනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සම්පූර්ණයෙන් නැවත්වීමට මීට වසර 4 කට පෙර රජය ලබාගත් තීරණය වෙනස් කර නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ සිට පළමුව බර වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222