Author: VNews

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  දිවයින පුරා විමධ්‍යගත අයවැය වැඩසටහන,විශේෂ ව්‍යාපෘති, උරුමය වැඩසටහන සහ කඳුකර දශකය වැඩසටහනේ  ප්‍රගතිය විමසා බැලීම සඳහා 2024.06.27 දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. විමධ්‍යගත අයවැය වැඩසටහනේ සම්පූර්ණ ව්‍යාපෘති ගණන 33 362ක් වන අතර ඒසඳහා වෙන්කළ මුළු මුදල රුපියල් මිලියන 11250කි. දැනටමත් දිස්ත්‍රික්ක වෙත නිදහස් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 11 022ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස එය 97.98% කි. නිදහස් කිරීමට ඉතිරි ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 227කි.

තව කියවන්​න

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා ල ඔවුන් සතු එම්යි – 17 , වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහා ල ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන , ඇන්ටනෝව් ගුවන් යානයක්  කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය’ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින අතර  වර්තමානයේ එහි එම්අයි- 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 03 ක් ද එහි සේවා සදහා යොදවා තිබේ මෙයින් එක් හෙලිකොප්ටර් යානයක අත්‍යාවශ්‍ය ප්‍රධාන නඩත්තු කටයුත්තක් සිදු කිරීමට ඇති නිසා  එම යානය එරටින් ඉවත් කර ශ්‍රී ලංකාවට රැගෙන ඒමට…

තව කියවන්​න

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත ඊයේ (27) මුදා හැර තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5000 බැගින් 2023 ජූලි මස සිට 2024. 03. 31 දක්වාත්, සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභීන්ට රුපියල් 2500 බැගින් 2023 ජූලි මස 2023. 12. 31 දක්වාත් ගෙවීමට කටයුතු යොදා තිබිණි. වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවධානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ…

තව කියවන්​න

ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර මිනිස් ඝාතන ද සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටක ආර්ථිකය සකස් කිරීම අත්‍යාවශ්‍ය බවත්, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව සමත් නොවුවා නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එය බවත් පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවට ගෝලීය හඬක් නැඟීම…

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතරයි. කොදෙව් දුපත් හි බිජ්ටවුන්හිදී පැවැත්වෙන අවසන් මහා තරගය මෙරට වෙලාවෙන් රාත්‍රි 08ට ආරම්භ වීමට නියමිතයි. අවසන් පුර්ව වටයේදී ඇෆ්ගනිස්ථානය පරාජයට පත්කළ දකුණු අප්‍රිකාණු කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම , එංගලන්තය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ලේක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙයයි. ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ පැවති පළමු තරගාවලියේදී ශූරයින් බවට පත්ව තිබුණා.

තව කියවන්​න

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් පිළිබදව දෙදින විවාදයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජුලි මස දෙවනදා සහ තුන්වනදා පස්වරුවේ අදාළ විවාදය පැවැත්වෙනු ඇති. මේ අතර ජුලි දෙවනදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේයි මෙම රැස්වීම කැදවා ඇත්තේ. මෙම විශේෂ රැස්වීම සදහා සහභාගි වන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනා මත සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ තබුත්තේගමදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 06ක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

ga_news_officia රජයේ මර්දනකාරී වැඩපිළිවෙල හමුවේ සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියේදී දැඩි කරන බව ගුරු – විදුහල්පති එකමුතුවේ කැදවුම්කරු පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා. ගුරු – විදුහල්පතිවරුන් කොළඹදී පැවැත්වු විරෝධතාවට පොලිසිය එල්ල කළ ප්‍රහාරය පිළිබද අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. සුමංගල හිමියන් පැවසුවේ මෙම ප්‍රහාරය පිළිබද ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

තව කියවන්​න

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්වීමට නියමිතයි. ජනාධිපතිවරයා එළඹෙන දෙවන දා පාර්ලිමේන්තුවට සිදුකිරීමට නියමිත ප්‍රකාශය පිළිබද විවාදයක් ලබා ගැනීමේ යෝජනාව විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් අද රැස්වන පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරනු ඇති. එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පර්ශ්වයේ මහානායක පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන සිටින ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳව මහානායක හිමියන් දැනුවත් කරමින් උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වු ජනාධිපතිවරයා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳවද සොයා බැලීය. සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟින් ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවෙණේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදුන් රුපියල් මිලියනයක මුදලට අදාළ චෙක්පත මහ නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින්…

තව කියවන්​න