Author: VNews

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 1208 කට අධික තොගයක් අද විනාශ කිරීමට නියමිතව තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ වනාත විල්ලුව ලැක්ස්ටොක්ස් වත්තේ පිහිටි අධිබලැති උදුන භාවිත කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කෙරෙන බවයි. අධිකරණ භාරයේ පවතින මෙම මත්ද්‍රව්‍ය තොගය අද දිනයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරින් විසින් භාරගැනීමට නියමිතයි. මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සදහා පුත්තලම මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බවට පොලිසිය සදහන් කළා.

තව කියවන්​න

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බලප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බලප්‍රදේශ සදහා එලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා. මීට අමතරව මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුකරන බවයි ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ.

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතරයි. කොදෙව් දුපත් හි බිජ්ටවුන්හිදී පැවැත්වෙන අවසන් මහා තරගය මෙරට වෙලාවෙන් රාත්‍රි 08ට ආරම්භ වීමට නියමිතයි. අවසන් පුර්ව වටයේදී ඇෆ්ගනිස්ථානය පරාජයට පත්කළ දකුණු අප්‍රිකාණු කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම , එංගලන්තය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් දිනා ගත් කණ්ඩායම් දෙකම තරගාවලිය තුළ අපරාජිතව සිටීම ද විශේෂත්වයක් දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ලේක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙයයි. ඉන්දීය කණ්ඩායම විස්සයි…

තව කියවන්​න

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන වැව් හතක ප්‍රතිසංස්කරණ කටයුතු  ඉකුත්දා (27) ආරම්භ විය. ඒ අනුව වව්නියාව, ආසිකුලම් හි ඉලුප්පායිකුලම් වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතාගේ සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.  මී අමතරව කළුකුන්නාමඩුව වැව, නිත්තිකුලම, කන්කන්කුලම, ක්‍රිස්තාවකුලම්, මුසල්කුත්තිකුලම් යන වැව් වල ප්‍රතිසංස්කරණ කටයුතුද ආරම්භ විය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් සහ අවුරුදු ව්‍යාපෘතියකි. කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ශ්‍රී ලංකා රජය මෙම ව්‍යාපෘතිය සදහා  මූල්‍යාධාර සපයනු ලබයි. ව්‍යාපෘතිය මඟින් කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, වව්නියාව, මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්ක වල වැව් 183ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරිකයන්ගේ දිළිඳුකම පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ දේශගුණ විපර්යාස සදහා ඔරොත්තුදීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

තව කියවන්​න

ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගැන්විණි. හිටපු යුද හමුදාපතිවරයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතාගේ සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා යුද අභියෝගය ජයග්‍රහණය කළ සහ දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියට…

තව කියවන්​න

සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (MOH) සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ඒයාර් ‌ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් අද (28) ජනතා අයිතිට පත් කරන ලදි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල ඉදිකිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය, බස්නාහිර පළාත් සභාව, කෝට්ටේ නගර සභාව මගින් ප්‍රතිපාදන ලබාදී ඇත. පළමු අදියර සදහා වැය වී ඇති මුළු මුදල රුපියල් මිලියන14 කි. නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 15 ක 90,000 කට අධික ජනතාවක් සදහා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සෞඛ්‍ය…

තව කියවන්​න

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වතුකරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා හෙට දින සිට (2024.06.29) විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ. ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර, එහිදී දමිළ ජනතාව වැඩිවශයෙන් ජීවත්වන ප්‍රදේශයන් වන පස්සර, ලුණුගල, හාලිඇල, බදුල්ල, ඌව පරණගම, වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල, මහියංගනය හා ඇල්ල යන ප්‍රදේශවල මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය මගින් බාහිර සම්පත්දායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබන අතර, මෙමගින් විදේශ රැකියා, විගමණික ශ්‍රමික සුභසාධන කටයුතු හා වංචනිකයින්ට හසුනොවී නිවැරදි මාර්ගයෙන් විදේශ ගතවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු…

තව කියවන්​න

විදේශිය දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඩුබායි සිට පැමිණ ඇති මෙම සැකකරුවන් සන්තකයේ තිබී විදේශීය දුම්වැටි තිස් එක්දහසක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඔවුන් නීතිවිරෝධිව ගෙන්වා ඇති මෙම දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දෙන බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

මේ වසරේ ලබන මස මැද භාගයේ සිට අඩු ආදායම්ලාභී දරුවන් පහළොස් ලක්ෂයක් වෙනුවෙන් එක් දරුවෙකු සඳහා මාසිකව තුන්දහසක මුදලක්ද 10 වසරේ සිට 12 වසර දක්වා අධ්‍යාපනය ලබන එක් දරුවකු සඳහා රුපියල් 6000ක මුදලක්ද ලබාදීමට රජය තීරණය කොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් කියා සිටියේ පුරා වසර නමයකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබු පසුබිමක ලංකාදීප පුවත්පත ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමඟ එවකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ අවධානයට යොමුවීමෙන් පසු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාශපුත්‍ර මහතාගේ අවධානයට යොමු කොට නැවත පාසලක් ලෙස ආරම්භ කොට වසර…

තව කියවන්​න