- අල්ලස් ගත් ග්‍රාම නිලධාරිනියට වැඩ වරදියි
- බස් ලොරි ගැටුමෙන් රියදුරුගේ දිවි බේරෙයි
- තැන තැන සිදුවෙන වෙඩි තැබීම් ගැන ආණ්ඩුවට සැකයක්
- ගම්වල ජනතාව රැවටුණා – වැරද්ද නිවැරිදි කරන්න ජනතාව පෙලගැසිමින් ඉන්නවා
- සුපිරි හමුදාවක් හදන්න අනුරගෙන් නිලධාරීන්ට උපදෙස්
- රනිල් ආයෙත් ඔක්තෝබර් 29 උසාවියට ?
- අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වැඩි බව අගමැතිනිය කියයි
- රජයේ රෝහල් වලට අලුත්ම අලුත් ගිලන් රථ
Author: VNews
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. මේ වනවිට එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
නයිජීරියාවේ ඊසානදිග බොර්නෝ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 18 දෙනෙක් මියගොස් 30 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා. එම මරාගෙන මැරෙන ප්‍රහාර මංගල උත්සවයක්, අවමංගල උත්සවයක් සහ රෝහලක් ඉලක්ක කර ගනිමින් එල්ල කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනපතිවරයා විසින් මහජන සේවා පණතට අනුව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනයට පොදු ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමට අදාළ ගැසට් පත්‍රය මගින් පොදු ගමනාගමනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සිදු කර ඇති බව සඳහන්
නිරිතදිග මෝසම සක්‍රියවීම නිසා නැවත දැනුම්දෙනතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අරාබි මුහුදු ප්‍රදේශයේ අක්ෂාංශ හයත් – විස්සත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 68 අතර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 80 දක්වා ඉතා තද සුළං පැවතීම හේතුවෙන් එම ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
වසර 17කට පසු 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ 2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7කින් පරාජයට පත්කරමින්. බාබෙඩෝස් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දිය නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ඔහු තීරණය කළා. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 34ක් තුළ දවා ගනිමින් දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කළා. මෙම තරගාවලියේදී අසාර්ථක වු විරාත් කෝලි අවසන් තරගයේදි ලකුණු 76ක් ලබා ගත්තා. අක්ෂා පටෙල් ලකුණු 47ක් සහ ෂිවම් ඩුබේ ලකුණු 27ක් රැස් කළ අතර ඒ අනුව ඉන්දීය කන්ඩායම නියමිත පන්දුවාර 20දි…
පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසිනුයි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ලේකම්වරයා එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහණය සදහා පොදු ගමනාගමන සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්වනවා.
රටේ අත්‍යවශ්‍යම සේවාවලට අවශ්‍ය වන ගිලන් රථ, කසළ එකතු කරන ලොරි රථ, කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය කාර්මික වාහන ආදිය ආනයනය සඳහා ඔක්තෝබර් මාසයේදී අවසර හිමිවන බව රජය පවසනවා . විශේෂ අවශ්‍යතා මත මෙම වාහන දැනටද වරින් වර යම් යම් සුළු ප්‍රමාණවලින් ආනයනය කෙරෙන බවයි රජය පවසන්නේ . කෙසේ නමුත්, මෝටර් රථ, වෑන්, කැබ් ආදී පුද්ගලික වාහන ආනයනය සඳහා ලබන වසරේදී අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බව සදහන් . ප්‍රථමයෙන් එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට ද රජය තීරණය කර තිබෙනවා .
අපනයන කේන්ද්‍රිය ආර්ථිකයක් රට තුළ නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇඹිලිපිටය ,කොලොන්න, මොරකැටිය මහාවිද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු අක්ෂාංශ 06ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55ත් 70ත් යන ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 70 – 80ත් අතර තද සුළං පවතින බවයි. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
රිය අනතුරකට අදාළව කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර, ඇප මත මුදාහැර තිබෙනවා. ඒ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි. එහිදී ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා. නඩුව යලි ලබන වසරේ මාර්තු 25වනදා කැඳවීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222