Author: VNews

පාකිස්ථානයේ සහල් අපනයන කර්මාන්තය වඩවඩාත් අර්බුදයකට ලක්වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. විශේෂයෙන්ම යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව යන රටවලින් ඇතැම් අවස්ථාවල ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයන් මතුව ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

තව කියවන්​න

යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිෂ්චය කිරීම සඳහා වූ මිල නීර්ණය කිරීමේ ක්‍රමවේදයක් සඳහාත් විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් යුත්ව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව මිල නීර්ණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තව කියවන්​න

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. බෝම්බ බිය හේතුවෙන් අද දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබෙනවා.

තව කියවන්​න

ඉකුත්දා හම්බන්තොට ආශ්‍රිත ඈත මුහුදේ දී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බවත් මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

තව කියවන්​න

වහල මත සවි කරන සූරිය පැනල සහ පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති හරහා උත්පාදනය කෙරෙන විදුලි බලය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිල දී ගැනීමේදී පාරිභෝගිකයින්ට ගෙවන ගාස්තු පහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ, කිලෝ වොට් 500 ට අඩු ව්‍යාපෘති සදහා ගෙවන ඒකක ගාස්තුව රුපියල් 27. 6 ක් දක්වාත්, කිලෝ වොට් 500 ට වැඩි ධාරිතාවක් සහිත ව්‍යාපෘති සදහා ඒකකයකට ගෙවන ගාස්තුව රුපියල් 23. 18 දක්වා පහළ දැමූ බවයි.

තව කියවන්​න

සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනයක් සහිතව කහ පැහැති පසුබිමේ අදාළ ලිපිය සකස් කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

තව කියවන්​න

දිවයිනේ සියලුම පාසල් ඉදිරිපිට අද දිනයේ විරෝධතා සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා පැවසුවේ පාසල් නිමවු පසුව මෙම විරෝධතා පවත්වන බවයි. ඊයේ දිනයේ සියලුම පාසල් ඉදිරිපිට කළු කොඩි සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා ව්‍යාපාරටක් සිදුකෙරුණා.

තව කියවන්​න

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදුවුණේ පසුගිය ජුනි හතරවනදායි. එහිදී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 3790ක් වනවා. මේ අතර අඩු කළ බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළා. ඒ අනුව සියලුම ලංගම හා පෞද්ගික බස් රථ සදහා සංශෝධිත ගාස්තු ඇතුලත් පත්‍රිකා අද ලබා දෙන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂි වෙල්ගම මහතා සදහන් කළේ.

තව කියවන්​න

රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වෙන්නේ. මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට පසුගියදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණා. ඒ අනුව මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමිවනු ඇති.

තව කියවන්​න

විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කාරක සභාව රැස්වු අවස්ථාවේදියි මෙලෙස ඊට අනුමැතිය ලබා දී ඇත්තේ. වසර 28කට පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීමට අනුමැතිය හිමිවීම විශේෂත්වයක්.

තව කියවන්​න