Author: VNews

ඩුබායි හා ඕමාන් රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ බත්තරමුල්ල නගරයේ පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකාරිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (7/3) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තැනැත්තිය විසින් ඉහත රටවල කර්මාන්ත ශාලාවල හා රියදුරු රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අයකර ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියා හිමි නොවූ බවට කාර්යාංශයේ විමර්ශන අංශය වෙත පැමිණිලි 14ක් ලැබී තිබුණි. එම පැමිණිලිවලට අනුව ඇය විසින් වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ට ආසන්න වේ. කාර්යාංශය වෙත ලද පැමිණිලි 2ට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අදාළ ආයතනයේ හිමිකාරිය ඊයේ දින…

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 4 කින් ජය ගන්නට එංගලන්ත යොවුන් කණ්ඩායම සමත් වුණා. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 45කට සීමා කිරීමටයි තරග තීරකවරයා කටයුතු කළේ. ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 268ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 44 යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවුණේ ලකුණු 260ක් පමණයි.

තව කියවන්​න

සම සුදුවීම සදහා භාවිත කරන විවිධ ආලේපන තුළින් වකුගඩු රෝගවලට ගොදුරුවු පුද්ගලයින් සංඛ්‍යාව ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික රෝහලේ සම පිළිබද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය මේ බව අනාවරණ කළා. මේ වන විට වෙළදපොලේ පවතින ඇතැම් අලේපන තුළ රසදිය ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සදහන් කළේ.

තව කියවන්​න

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් සමග සබදතා පැවැත්වු බව කියන පොලිස් නිලධාරීන් පිරිසක් පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයා විසින් සිදුකළ නියෝගයකට අනුවයි. දකුණු පළාතේ පොලිස් නිලධාරීන් පිරිසක් මෙලෙස සංවිධනාත්මක අපරධකරුවන් සමග ගණුදෙනු සිදුකරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. චෝදනා එල්ල වන නිලධාරීන් අතරට පසුගියදා රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශයට උසස් වීමක් ලද උසස් පොලිස් නිලධාරියෙකු ද සිටින බවයි වාර්තා වන්නේ. අපරාධ කල්ලි සාමාජිකයින් විසින් ඔවුන්ගේ බැංකු ගිණුම්වෙල අවස්ථා ගණනාවකදී මුදල් බැරකර ඇති බවට ද වාර්තාවනවා.

තව කියවන්​න

ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් අද වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා. රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව එක්කර නව ආයතනයකට බලය පැවරීමට එරෙහිව මෙම වැඩ වර්ජනය සැලසුම් කර ඇත්තේ. ඒ අද සහ හෙට වර්ජනයේ නිරත වන බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය සදහන් කළා.

තව කියවන්​න

2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. ඒ අනුව 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කළ සියලු ව්‍යාපෘති අගෝස්තු 31 වනදාට පෙර අවසන් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණය කල් දැමීමට වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් උත්සහ දරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. මඩකලපුව ප්‍රදේශයේදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළා. කුමන්ත්‍රණකාරි කටයුතු තුළින් ජනාධිපතිවරණය නොපැවැත්වීමට අතැම් පාර්ශව පසුබිම සකස් කරමින් සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ. ජනතාවට හිමිවිය යුතු මැතිවරණ අයිතිය වහා ලබා දීමට කටයුතු කරන ලෙස වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

තව කියවන්​න

කුරණ , කටුනායක ප්‍රදේශයේ පවුලක් ඩුබායි වෙත රැකියා සදහා යොමු කරන බව පවසා රුපියල් ලක්ෂ 18 ක මුදලක් වංචනිකව  ලබා ගත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තිදෙනකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 07/03 දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ . කුරණ , කටුනායක ප්‍රදේශයේ පදිංචි පවුලක් ඩුබායි හි රැකියා සදහා ගෙන්වා ගන්නා බව පවසා එරට රැකියාවක නිරත ශ්‍රී ලාංකික කාන්තාවක විසින් රුපියල් ලක්ෂ 18 ක මුදලක් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තම හිතවතියකගේ ගිණුමකට බැර කරවා  ගෙන තිබේ . මෙසේ ඩුබායි හි රැකියාවේ නිරත කාන්තාව මෙම මුදල් තමා විසින් ලබා දෙන බවත් , ඒවා යොදා ගෙන ඔවුන්ගේ  නිවෙස සාදා ගන්නා ලෙසත්…

තව කියවන්​න

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය. නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බවත් කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

ඩුබායි හා කටාර් රාජ්‍යවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (07/02) අත්අඩංගුවට ගෙන තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඩුබායි හා කටාර් යන රටවල සුපිරි වෙළඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 4, ලක්ෂ 2.5 හා ලක්ෂ 1.5 බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 3ක් ලැබී තිබේ. ඒ අනුව, විමර්ශන නිළධාරීන් විසින් අදාළ කාන්තාව දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඇයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර ඊයේ රාත්‍රියේ තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා අද…

තව කියවන්​න