- ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය එළැඹෙන මස සිට
- අපරාධ මැඩලීමට නව වැඩපිළිවෙළක් සකස් කරන බවට පොලිස්පතිගෙන් ප්‍රකාශයක්
- මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට
- ගසක් කඩා වැටී දෙකක් රෝහලට
- ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
- හිටපු කතානායක කරූගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්
- මදනමෝදකවලට තවත් දෑ දමා පානය කළ සිසුවා රෝහලට
- රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත භාවය ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්
Author: VNews
අතුරුගිරියේ වෙඩි තැබීමකින් “ක්ලබ් වසන්ත” ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ගායන ශිල්පී කේ.සුජීව ඇතුළු තවත් 4ක් රෝහලේ ප්‍රතිකාර ලබයි
ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් හෙට (8) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පැවසීය.
දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන්ට එරෙහිව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (07) කොටගල සහ බගවන්තලාව යන නගරවල උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණා. ඒ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍යාංශය මඟින් නිකුත් කළ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවමින් ඉකුත් 04 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම සම්බන්ධයෙන් මනෝ ගනේෂන් විසින් සිදු කළේ යැයි කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.
මේ දින වල පවතින අධික වර්ෂාපතනයත් සමඟ කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයෑමේ අවදානම පවතින බවයි.
ලෝක වෙළෙඳපොළේ රන් මිල ගත වූ සතිය තුළ පහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, කැරට් 24 රන් අවුන්සයක මිල මේවන විට ඩොලර් 2,386.21ක් ලෙස දැක්වෙන අතර, එය 0.22%ක පහළ යෑමක්.
හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එමෙන්ම, ඌව පළාතෙත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
ලබන වසරේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ගැන සොයා බැලීමට මේ වන විට කමිටුවක් පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (06) පස්වරුවේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමින්.
උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු අදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රධානය දිස්ත්‍රික් මටිටමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මේ මස 12වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එය දිස්ත්‍රික්ක මට්ටමින් දියත් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුවනවා.
රුහුණු කතරගම මහාදේවාල පෙරහැර ඊයේ (06) රාත්‍රියේ ආරම්භ වී සුළු වේලාවකට පසු අලියෙකු කුලප්පු වීම හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. එම අවස්ථාවේ නොසන්සුන් වූ බැතිමතුන් ඒ මේ අත දිව යාම හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222