- ලංගම බසයේ එන්ජිමට යූරියා පොහොර දැම්ම ගැන පොලිසියෙන් විමර්ශනයක්
- ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළට
- මුත්තුනගර් ඉඩම් ගැටලුවට විසඳුම් සාකච්ඡා
- මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත අවදානමක
- 2024 වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම බි 460 කින් වැඩි වෙලා
- ගිලන් රථයේදීම සෞඛ්‍ය සේවිකාවට කළ අහස පොළොව නුහුලන අපරාධය
- කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තග දැම්ම දෙදෙනෙක් කූඩු
- ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ උපදේශාත්මක රැස්වීමක්
Author: VNews
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මෙරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් සිදුව තිබෙනවා . එම හමුව සිදුව ඇත්තේ ඉන්දීය රාජ්‍ය මන්දිරයේදීයි ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන 02 වන බිම්ස්ටෙක් විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා නව දිල්ලියට ගොස් සිටිනවා .
පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා . එම වැඩසටහන නම් කර ඇත්තේ පුරාවිද්‍යා දෙසතිය නමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ පුරාවිද්‍යා දිනය නිමිති කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක බවයි . මෙම වැඩසටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධානය කර තිබෙනවා . ඒ තුලින් සෑම පළාතකම සහ දිස්ත්‍රික්කයකම පුරාවිද්‍යා කාර්යාල හරහා පාසල් සිසු දරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා දැනුවත් කිරීමේ සම්මන්ත්රණ සහ වැඩසටහන් සිදු කිරීමට නියමිතයි. පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය, පුරාවස්තු ආරක්ෂා කර ගැනීම, එහි නෛතික පදනම පිළිබඳව මෙහිදී දැනුවත් කෙරෙනවා
සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා . චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් . පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් මෙමගින් දැනුවත් කර තිබෙනවා . මේ අතර අතුරුගිරිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ගෙන් ලබා ගත් පාපොච්චාරණයක් මාධ්‍යට මුදා හැරීමේ සිද්දිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම වාර්තාවක් කැඳවා තිබෙනවා . සති දෙකක් තුල අදාළ වාර්තාව ලබා දෙන ලෙසද පොලිස් කොමිසම විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ .
දුම්රිය ධාවනය අද සිට යථා තත්ත්වයට පත්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කෙරුණ ද ඊයේ පස්වරුව වනතෙක් දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුව තිබුණා. ඒ අනුව ඊයේ දිනය තුළ කාර්යාල දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවන වී තිබෙනවා. කෙසේවෙතත් අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් අද පැවැත්වෙනවා. ඒ අනුව බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය ශාන්ත පීතර විද්‍යාලීය ක්රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම කොළඹ ඉසිපතන විද්‍යාලය අද මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමගින් තරග වදින අතර එම තරග කොළඹ හැව්ලොක් ක්රිඩාංගනයේදී පැවැත්වීම සැලසුම් කර තිබෙනවා. මේ අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල, කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය සමගින් ද කොළඹ සහිරා විද්‍යාලය , මහනුවර විද්‍යාර්ත විද්‍යාලය සමගින් ද අද තරග වැදීමට නියමිතයි. එමෙන්ම මහනුවර කින්ස්වුඩ් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය ද අද මහනුවර බෝගම්බර ක්රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරග සියල්ල පස්වරු 03.45ට ආරම්භ වීමට නියමිතව…
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතා ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ ඝාතන සිද්ධියේ මහ මොලකරු බවට සැකකරෙන සංජීව පුෂ්පකුමාර නොහොත් ලොකු පැටී නැමැත්තාගේ මස්සිනා ඇතුළු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. වැලිපැන්න ප්‍රදේශයේ නිවසකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ මෙතෙක් සිදු නොවූ විශාල වර්ධනයක් ඇති කර ගත හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා පැවසීය. මෙරට අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බැවින් එය නිසි ලෙස අවබෝධ කර ගනිමින් තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සමස්ත ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිතව හා ගාස්තු අය කිරීමකින් තොරව සින්නක්කර අයිතිය ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබේ. මෙරට සෑම බිම් අඟලකටම සියලුදෙනාට බියකින්, සැකයකින් තොරව යාමට ඉඩ ප්‍රස්ථාව උදා කර දීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ විරෝධාර රණවිරුවන්ට මව්බිමේ බිම් කැබැල්ලක අයිතිය තහවුරු කර දීම මෙම වැඩසටහනේ අරමුණයි. ජනාධිපති කාර්යාලයේ මෙහෙයවිමෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ජනාධිපතිවරයා විසින් අංක…
නාවික හමුදාව 2024 ජුලි මස 11 වන දින කල්පිටිය පරාමුනේ දූපතේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 477 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය පරාමුනේ දූපතේ 2024 ජුලි මස 11 වන දින සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම දූපතේ සඟවා තිබූ නීතී විරෝධී ලෙස මුහුදු…
ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක සභාවේ වාර්තාව අද (12) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අභියෝග රැසක් මැද මෙම වාර්තාව ඉදිරිපත් කරන බවයි. තමාගේ විරෝධය මැද පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මෙම කාරක සභාවට කැඳවූ බවත් තමාව සමහරුන් දැඩි ලෙස සමච්චලයට ලක්කළ බවත් හෙතෙම මෙහිදී අනාවරණය කළේය. මෙහි ආයතන සමූහය ලෙස හඳුන්වන්නේ වීසා අයදුම්පත් මාර්ගගත ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ බලයලත් නියෝජිතායතනය ලෙස ජී.බී.එස්. ටෙක්නොලොජි සර්විසස් හා අයි.වී.එස්. ග්ලෝබල් – එෆ්.ඉසෙඩ්.සී.ඕ. සමාගම් සහ තාක්ෂණික සහකරු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222