- ලංගම බසයේ එන්ජිමට යූරියා පොහොර දැම්ම ගැන පොලිසියෙන් විමර්ශනයක්
- ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළට
- මුත්තුනගර් ඉඩම් ගැටලුවට විසඳුම් සාකච්ඡා
- මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත අවදානමක
- 2024 වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම බි 460 කින් වැඩි වෙලා
- ගිලන් රථයේදීම සෞඛ්‍ය සේවිකාවට කළ අහස පොළොව නුහුලන අපරාධය
- කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තග දැම්ම දෙදෙනෙක් කූඩු
- ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ උපදේශාත්මක රැස්වීමක්
Author: VNews
දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය ලබන 16 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බවයි. අදාළ විභාගයට අයදුම්පත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මේ දිනවල සිදුවන බවත්, අයදුම්පත් භාරගැනීම අදින් අවසන් වන බවත්, එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයින පුරා පිහිටි දහම් පාසල් 10,300ක ගුරුවරු එක්ලක්ෂ විසි හයදහසක් පමණ සිටිනවා.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි ඇතිවන බව සඳහන්. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේත් ස්ථාන ස්වල්පයක මිලිමීටර 50 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එමෙන්ම විටින් විට හමන පැ. කි. මී. 40 ත් 50 ත් අතර තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ .
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වන තරගයෙන් ජය ගන්නට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින්. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 07කට සීමා කිරීමට තරග විනිසුරුවන් තීරණය කළා. ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 07 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 78ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 5 යි පන්දු 5ක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 79ක් ලබා තරගය ජයග්‍රහණය කළා.
රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (13) එක් වෙමිනි. පසුගිය ආර්ථික හා දේශපාලන බිඳ වැටීම හමුවේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි දේශපාලන කණ්ඩායමක් රට තුළ නිර්මාණය වූ බවත්, වසර 05කට බලය ලබා ගන්නේ කෙසේද කියා සහ පවතින ආණ්ඩුව පෙරළන්නේ කෙසේද කියා සිතන දේශපාලන ක්‍රමය…
විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 5,000 සිට 7,500 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙරට තිබෙන විද්‍යා පීඨ 19 විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කර මෙලෙස සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමටයි සූදානම් වන්නේ.
පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගොස් සිටිය දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත හා තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා. ඉන් අනතුරුව වසන්තගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල පිහිටා ඇති පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තබන බවට ප්‍රකාශ වීමත් සමඟ පසුගිය 10 වැනිදා රාත්‍රියේ තමන් කංජිපානි ඉම්රාන් යැයි හඳුන්වාදුන් පුද්ගලයෙකු විසින් තර්ජනාත්මක ඇමතුමක් ලැබුණු බවයි, මල්ශාලා හිමිකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ . ඒ හේතුවෙන් බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කළ අතර මල්ශාලාව අසල ආරක්ෂාවද තර කර තිබෙනවා . ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 05.00ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි.
ලබන 16 වනදාට යෙදෙන 119 වන බන්ධනාගාර දිනය නිමිත්තෙන් රැඳවියන්ට අමුත්තන් මුණගැසීමට විවෘත අවස්ථාවක් සළසා දී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ ලබන 16 වනදා පමණක් මෙම අවස්ථාව ලබාදී ඇති බවයි. එදිනට ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමටද අමුත්තන්ට අවස්ථාව හිමිවනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .ඒ අනුව ඌව පළාත, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන් . උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ත් 50 ත් පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු…
දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය ලබන 16 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බවයි. අදාළ විභාගයට අයදුම්පත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මේ දිනවල සිදුවන බවත්, අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන් වන බවත්, එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
නයිජීරියාවේ මධ්‍යම ප්‍රාන්තයේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 22 දෙනෙකු මිය ගොස් 130 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා . මෙලෙස කඩාවැටී ඇත්තේ ජෝස් ප්‍රාන්තයේ ශාන්ත ඇකඩමි නමැති පාසලේ ගොඩනැගිල්ලක් බවයි වාර්තාවන්නේ . එම පාසලේ සිසුන් 1,000කට අධික පිරිසක් සිටින අතර සිසුන් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා . දින තුනක සිට අද හැලෙන ධාරානිපාත වර්ෂාව ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුවී ඇති බවයි එරට පොලිසිය පවසන්නේ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222