- ලංගම බසයේ එන්ජිමට යූරියා පොහොර දැම්ම ගැන පොලිසියෙන් විමර්ශනයක්
- ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළට
- මුත්තුනගර් ඉඩම් ගැටලුවට විසඳුම් සාකච්ඡා
- මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත අවදානමක
- 2024 වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම බි 460 කින් වැඩි වෙලා
- ගිලන් රථයේදීම සෞඛ්‍ය සේවිකාවට කළ අහස පොළොව නුහුලන අපරාධය
- කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තග දැම්ම දෙදෙනෙක් කූඩු
- ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ උපදේශාත්මක රැස්වීමක්
Author: VNews
දැයේ සියලු දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ‘ජනාධිපති ශිෂ්‍යත්ව 2024’ වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116000ක් පිරිනැමීමට නියමිතයි. ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 6කට අයත් දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 5770ක් පිරිනැමීම සිදු වුණා.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) විටින් විට වැසි ඇතිවන බව එම නිවේදනයේ සඳහන්.
අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඇත්තේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන ඇති බව නිව්යෝර්ක් පෝස්ට් පුවත් සේවය වාර්තා කරනවා. මෙම සැකකරු පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙක් බවත්, බෙතෙල් පාර්ක් යනු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්රචාරක රැලිය පැවැත්වූ ස්ථානයේ සිට සැතපුම් 40 ක් දකුණින් පිහිටි ගම්මානයක් බවත් එම පුවත් සේවය පවසනවා.
දහම් පාසල් ගුරු සහතික පත් විභාගය සැප්තැම්බර් මස 16 වනදා දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.
සර්පයින් 100කට වැඩි සංඛ්‍යාවක් සිය කලිසමේ සඟවාගෙන චීනයේ ප්‍රධාන නගරයකට රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙක් එරට රේගු භාරයට ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ, දකුණු චීන නගරයක් වන ෂෙන්සෙන්හි රේගු නිලධාරීන් විසින් හොංකොං සහ චීනයේ ප්‍රධාන භූමිය අතර මුරපොළක් වන ෆුටියන් වරාය හරහා ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි. එහිදී ඔහුගේ කලිසමේ සාක්කුවල තිබී ටේප්වලින් ඔතා තිබු කැන්වස් බෑග් 6ක් එම නිලධාරීන් සොයාගෙන තිබෙනවා.
ජනාධිපතිවරණයට අදාළව නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (15) සළකා බැලීමට නියමිතව තිබෙනවා. ඒ අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදීයි.
ගාල්ල බෙලිගහ නව උසාවි සංකීර්ණයත්, මෙරට ප්‍රථම සම සෞඛ්‍ය පීඨ ගොඩනැගිල්ලත් මෙම මස 19 වන දින අතිගරු ජනාධිපතිතුමා අතින් විවෘත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද (13) පෙරවරුවේ ගාල්ල බෝපේ, පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උළුවිටිකේ , ආචාර්ය රිචඩ් පතිරණ විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි. විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන්…
තායිලන්තය රටවල් 93ක පුද්ගලයින් සදහා වීසා රහිත ඇතුළුවීමට අවසර ලබා දී තිබෙනවා. දැනට තායිලන්තයට එලෙස ඇතුල් වීමට අවසර ඇත්තේ රටවල් 57කට පමණි. සිය රටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා එම රටවල් ප්‍රමාණය 97ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. එලෙස තායිලන්තයට ඇතුල්වන පුද්ගලයින්ට දින 60ක් රටතුල රැඳී සිටීමට අවසර හිමිවනවා.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ 2019, 2020,2021 සහ 2022 වර්ෂවලට අදාළ විභාගවල ප්‍රතිඵල මෙලෙස නිකුත් කළ බවයි. එම වර්ෂවලට අදාළව නිකුත් කෙරුණු සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිමෙන් ලබා ගතහැකිවනවා.
කොළඹ වරායේ ඇති සියලුම බහාලුම් කඩිනම්න් නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බව රේගුව පවසනවා. ඒ අනුව, හෙට පස්වරුව වන විට ඉතිරි වී ඇති සියලුම බහාලුම් නිදහස් කිරීම රේගුවේ අරමුණ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සදහන් කළේ. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වැනි ද්‍රව්‍ය නිශ්කාෂණය කරන ආර් ටී සී අංගණය සතියේ දින 07ම සේවය කරන බවත් එම භාණ්ඩ නිශ්කාෂණයේ ප්‍රමාදයක් මතු වී නොමැති බව ද රේගුව නිවේදනය කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222