Author: VNews

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන්ට අදාළ පනත් කෙටුම්පත වසර 06 ඉක්මවීම වගන්තිය වෙනුවට ‘වසර 05 ඉක්මවීම’ යන වගන්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

තව කියවන්​න

රජයේ රැකියා සඳහාවන කෝටාවට එරෙහිව පෙළපාලි ගිය විරෝධතාකරුවන් සහ රජයට පක්ෂ ශිෂ්‍ය සංවිධානයක් අතර ගැටුමක් බංගලාදේශයෙන් වාර්තා වෙනවා. ගැටුම අතරතුර පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලැබූ බව පැවසේ.

තව කියවන්​න

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ. එහෙත් පියුමි හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය සඳහන් කළේය.

තව කියවන්​න

අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නොව පාර්ලිමේන්තුවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

තව කියවන්​න

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ. කි. මී. 60-65 දක්වා වැඩි විය හැකි බවය. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තව කියවන්​න

තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නැතැයි විමර්ශන කටයුතු සිදු කරන එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයෝ ;පවසා ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත මොහොතක සිදුවූ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ රැලියක් අමතමින් සිටියදි , අසල ගොඩනැගිල්ලක වහලේ සිටයි.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෙවිය යුතු හිඟ වන්දි මුදල 2024 අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු තමන්ට ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

තව කියවන්​න

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් පලස්තීනුවන් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 80 දෙනෙකු තුවාල ලබා නොසෙයිරාඩ් සරණාගත කදවුරේ නවාතැන් ගෙන සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාලයේ සාමාජිකයකු වන ඉසාට් අල් රිෂෙක් පවසන්නේ සටන් විරාම සාකච්ඡාවලින් ඊශ්‍රායලය සහ  පලස්තීනය ඉවත්වී ඇති බවට පල වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

තව කියවන්​න

වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . ඊයේ සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා . මෙම කාන්තාව දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා, ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇය ගොඩට ගෙන මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බව සදහන් .

තව කියවන්​න

අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදී ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබෙනවා. උතුරු ඊශ්‍රායලයේ ලෙබනන දේශසීමාව ආසන්නයේ කෘෂිකාර්මික රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ.

තව කියවන්​න