Author: VNews

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුර්යකුමාර් යාදව්ට පවරා තිබෙනවා. ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා නිමාවු ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියෙන් පසුව විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. ඒ අනුවයි ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සුර්ය කුමාර යාදව්ට ලබාදීමට තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තාය. එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ, අදාළ පෙත්සම තව දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බවය.

තව කියවන්​න

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රි ලංකා නාවික හමුදාව අම්පාර ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුලි මස 15 සහ 16 යන දිනයන්හීදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මඟින් සංවිධානය කල මෙම වැඩසටහන අම්පාර, පානම මහ විද්‍යාලය සහ අම්පාර නුගේලන්ද මහා විද්‍යාලයේ දරුවන්ගේ යහපත් මුඛ සෞඛ්‍ය දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වන ලද අතර, දරුවන් දෙසිය පනහකට (250) ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ මෙම වැඩසටහන තුළ දන්ත සායන පැවැත්වීමද සිදු කෙරිණි.

තව කියවන්​න

ප්‍රචණ්ඩකාරී ප්‍රහාර පාසල් සහ විශ්වවිද්‍යාල දක්වා ද ව්‍යාප්ත වී ඇති බවත්, යුද්ධයෙන්, ස්වභාවික විපත්වලින් සහ වසංගතවලට ගොදුරු වූවන් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  2024.07.16 දින  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති යුනෙස්කෝ 75 වන සංවත්සරයට එක්වෙමිනි. මිලියන සංඛ්‍යාත ළමුන් සහ තරුණ තරුණියන් පාසල්වලින් බැහැරව අවස්ථා නොමැතිව සිටින බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. “යුනෙස්කෝ සංවිධානය ආරම්භ කරන ලද්දේ ලෝක යුද්ධයක් සමඟින්. මිලියන ගණනක් විනාශ වුණා. මිලියන ගණනකට මරණයෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පලා යාමට සිදු වුණා. මිලියන ගණනකට තම නිවාස අහිමි වූ අතර යහපත් අනාගතයක් සොයමින් සියල්ල අතහැර දමා තිබෙනවා, ”…

තව කියවන්​න

තායිලන්ත හෝටල් කාමරයක තිබී වියට්නාම සංචාරකයින් 06 දෙනෙකුගේ මළසිරුරු හමුවී තිබේ. මියගිය පුද්ගලයින් අතර අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් ද සිටින බව සඳහන්ය.

තව කියවන්​න

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

තව කියවන්​න

දැදුරු ඔයේ ගිලී තරුණයෙකු අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් මවුන්ටන් වත්ත වටවල පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. ඔහු මීට සතියකට පෙර විවාහ වී ඇති අතර දැදුරු ඔයේ මිතුරන් හා බිරිය සමඟ දිය නෑමට ගොස් තිබෙනවා.

තව කියවන්​න

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එරට ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි. ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 වසරේ සිට 2021 වසර දක්වා එරට 45 වන ජනාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. එම මිල සූත්‍රය ලබන වසරේදී 2025 ක්‍රියාවට නැංවීමට ද නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

තව කියවන්​න

බාහිරින් එල්ල වන අභියෝගවලට මුහුණ දෙමින් තමන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට විය යුතු දායකත්වය නොඅඩුව ලබාදෙන බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වනිදු හසරංග පවසනවා.

තව කියවන්​න