Author: VNews

යාපනය ශික්ෂණ රෝහල තුළ ඇට මිදුලු බද්ධ කිරීමේ  ඒකකයක් (Bone marrow transplant unit)  ස්ථාපිත කිරීමත්, රෝහලේ ප්‍රතිකාර සේවාවන් කඩිනම්ව සිදු කිරීමට අවශ්‍යව තිබූ  නවීන තාක්ෂණයෙන් යුත් 𝙲 𝙰𝚛𝚖 𝚇-𝚛𝚊𝚢 යන්ත්‍රයක් ද රෝහලට ලබා දීම අද දින (17)  පෙරවරුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සිදු කරන ලදී. මෙම අති නවීන 𝙲 𝙰𝚛𝚖 𝚇-𝚛𝚊𝚢 යන්ත්‍රය සදහා සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් මිලියන 50 ක මුල්‍ය පිරිවැයක් දරමින් යාපනය ශික්ෂණ රෝහලට ලබා දී ඇති අතර, මෙම  𝚇-𝚁𝚊𝚢 යන්ත්‍රය ශල්‍යකර්ම වලදී අස්ථි ස්කෑන් කර පරීක්ෂාවන් සිදු කිරීම සදහා යොදා ගැනේ. මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින්…

තව කියවන්​න

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලයක ඇති වු ගැටුම්කාරි තත්ත්වයකින් පුද්ගලයිනේ හය දෙනෙකු මියගොස් තිබෙනවා. විරෝධතාකරුවන් පාලනය සදහා එරට පොලිසිය විසින් කදුළුගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශයේ නිදහස් සටන සදහා එක්වු පවුල්වල දරුවන් සදහා රැකියාවලින් සියයට 30ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

ජාතිල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. යහපත් පාරිභෝගික සම්බන්ධතාවක් ලබා නොදීමේ චෝදනා මතයි ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ. නිලාවේලි ජල සම්පාදන ක්‍රමය වෙත සේවාවක් ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකු සමග ඔවුන් කලහාකාරි ලෙස කටයුතු කර තිබෙනවා. ඒ අනුව සිදුකළ විමර්ශනයකින් පසුව අදාළ සිද්ධියට සම්බන්ධ වු නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

තව කියවන්​න

ඉදිරි ජනාධිපතිවරණය සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට එමඟින් යෝජනා කර ඇති බව සඳහන්.

තව කියවන්​න

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් පවත්වන ලද කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහයෝගිත්ව සම්මන්ත්‍රණය ජුලි මස 16 දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සාර්ථකව නිමාවට පත්විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවති අතර රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා සහ අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ මාලදිවයින් ශ්‍රී ලංකා කලාපීය අධ්‍යක්ෂවරිය වන ශෙරිනා තබසම් මහත්මිය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ රේණුකා රත්නායක මහත්මිය මෙම සම්මන්ත්‍රණයේ විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ. මෙම අවස්ථාවට කෘෂිකාර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ආයතන නියෝජනය කරමින් නියෝජිතවරුන් වරියන් 60කට අධික ප්‍රමාණයක්ද සහභාගි විය.  මෙම සම්මන්ත්‍රණය…

තව කියවන්​න

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බට්ලර් හි පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එල්ල වූ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් මෙරට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පුද්ගලික ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිගැනීමෙන් පසුව අදාළ අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂක…

තව කියවන්​න

විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය. විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට බවද ඒ…

තව කියවන්​න

සම්බුදු සසුන සුරක්ෂිත කරමින් ඉදිරියට ගෙන යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රජය වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කිරීමේ දී මහා සංඝරත්නය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කෙරුණු භික්ෂු සම්බන්ධීකරණ ඒකකය තෛන්‍රිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් අද (17) පෙරවරුවේ විවෘත කෙරිනි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව ඒකකය විවෘත කෙරිණි. මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ රට මුහුණ දී තිබෙන ආර්ථික, සමාජයීය මෙන්ම සංස්කෘතික අභියෝග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්…

තව කියවන්​න

හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද කොහුවල ගුවන් පාලම විවෘත කිරීම අද (17) පෙරවරුවේ සිදු කෙරුණි. ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

තව කියවන්​න

රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 17) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය විසි හයක (226) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් අද දින (2024 ජුලි 17) කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ ළදු කැළෑවක් තුළ සඟවා තිබූ සැකකටයුතු උර හතක් (07) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි.…

තව කියවන්​න