- ලංගම බසයේ එන්ජිමට යූරියා පොහොර දැම්ම ගැන පොලිසියෙන් විමර්ශනයක්
- ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළට
- මුත්තුනගර් ඉඩම් ගැටලුවට විසඳුම් සාකච්ඡා
- මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත අවදානමක
- 2024 වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම බි 460 කින් වැඩි වෙලා
- ගිලන් රථයේදීම සෞඛ්‍ය සේවිකාවට කළ අහස පොළොව නුහුලන අපරාධය
- කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තග දැම්ම දෙදෙනෙක් කූඩු
- ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ උපදේශාත්මක රැස්වීමක්
Author: VNews
බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවැති විරෝධතා අතරතුර පුද්ගලයින් තිස් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. සති දෙකක කාලයක සිට මෙම විරෝධතා පවතින අතර එරට රජය විරෝධතාකරුවන් පාලනයට දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් අනුගමනය කර තිබුණා. රට තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරි තත්ත්වය හමුවේ පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමටද බංග්ලාදේශ රජය පියවර ගෙන තිබෙනවා.
මැතිවරණ වියදම් නියාමන පනත එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා. ජනමත විචාරණයකදී හැර සියලු මැතිවරණවලදී අදාළ පනත යටතේ කටයුතු කරන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. අදාළ පනත ක්‍රියාත්මක කිරීම පිළිබද දේශපාලන පක්ෂ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු අංශ මේ වන විට දැනුවත් කර තිබෙනවා.
යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන අතරම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ ඊයේ (18) වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව ලබා තිබෙන ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ද හිමි විය යුතු බවයි. එම වගකීමෙන් කිසිවිටෙකත් බැහැර නොවන බව අවධාරණය…
ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහිදී විවිධ ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක කාර්මික විද්‍යාල උසස් තාක්ෂණ හා කළමනාකරණ විද්‍යාල බවට පත් කර තාක්ෂණික හා වෘත්තීය විෂයයන් ආශ්‍රිත උපාධිය හඳුන්වා දීමට හැකි මට්ටමට ගෙන ආ යුතු බවත් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ ) නැවත සොයා බලා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ඕස්ට්‍රේලියානු සුදුසුකම් මට්ටමට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික පියවරක් ලෙස ඉන්දියාව සමඟ ඒකාබද්ධ විදුලි සම්බන්ධතා පද්ධතියක් සහ ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ජනාධිපති රනිල්…
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා (Dr. IZUMI Hiroto) පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වන බව ද ඒ මහතා සඳහන් කළේය. මෙරටට පැමිණි නිවාස, ඉදිකිරීම් හා නාගරික ක්ෂේත්‍රයන්හි නියෝජිතයින්ගෙන් සමන්විත ජපාන…
රුවන්වැල්ල කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳකට වැටී කුඩා දැරියක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දැරියගේ මව විසින් ඇයව ළිඳට දමා ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවයි. පසුගිය 16 දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මෙහිදී වයස අවුරුදු 4යි මාස 10ක් පමණ වන කුඩා දැරියක් මියගොස් තිබුණා.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ ඉදිරියට යාමට මෙරට දරුවන්ට අවස්ථාව උදා කර දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. එහි ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත වන ප්‍රදේශ නීත්‍යනුකුලව නව ගම්මාන වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය ඉතා වැදගත් හා කාලීන යෝජනාවක් බැවින් ඒ සඳහා මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ ප්‍රතිපත්තිමය එකඟතාවය පළ කෙරිණි.…
රටට ගැලපෙන ආකාරයේ නව ව්‍යවස්ථා සංශෝධනයක් හා ජාතික ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම ගෙන ආ යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියෝ පවසති මල්වතු මහා විහාරයේදී 18 දින මල්වතු මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ධම්මරතන නාහිමි කියා සිටියේ පූජ්‍ය පක්ෂය වශයෙන් මහා සංඝරත්නය පමණක් නොව හින්දු ආගමේ කුරුක්කල් තුමන්ලා ල ඉස්ලාම් ආගමේ මවූලවි තුමන්ලාල කතෝලික ආගමේ පියතුමන්ලාද පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවය තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ නාහිමියෝ මෙසේද කීහග 1948 ඉදලා මේ රට පාලනය කරපු අය මොකද කළේග ඉතා සුළු පිරිසක් හැරුණු කොට අනිත් අය කළේ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කර කාගේ හෝ වල්ගයක් බවට පත් කිරීමට නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමකට අවශ්‍යය වී ඇතැයි අධිකරණල බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවේ පැවසුවේය මෙම පිරිස පිටත සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ අවුල් කිරීමට උත්සහ කරන බවත් එය ප්‍රශ්නයක් කර නොගෙන පක්ෂයේ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන සංවිධායකවරු ඇතුළු 90 ්‍ර කගේ සහයෝගය සමඟ තමන් දේශපාලන කටයුතු සිදුකර ගෙන යන බවත් ඒ මහතා කීය අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ :18* පෙරවරුවේ මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222