Author: VNews

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිවයි. දඹුල්ල අන්තර්ජාතික ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය අද රාත්‍රි 07.30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 07කින් ජය ගන්නට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු දෙකක් තුළ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 108ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 14 යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 109ක් ලබා තරගය ජයගත්තා.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය අද පැවැත්වෙනවා. ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම මෙහිදී තරග වැදීමට නියමිතයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතයි. පළමු අවසන් පුර්ව තරගයේ ජැෆ්නා කණ්ඩායම , ගෝල් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා. එමෙන්ම ක්ලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කරමින් කැන්ඩි කණ්ඩායම අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබුවා. අද තරගය ජය ගන්නා කණ්ඩායම හෙට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමග හෙට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රිඩා කිරීමට නියමිතයි.

තව කියවන්​න

ජනාධිපති ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වු බව ලංකා ගුරු සංගමය පවසනවා. වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. මේ එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා.

තව කියවන්​න

ගෝලීය වශයෙන් සිදුවු තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම තාක්ෂණික බිදවැටීම හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන්ට බලපෑමක් සිදුවු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ වන විට අදාළ තාක්ෂණික දෝෂය සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ. මේ අතර අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක මෘදුකාංගයක හටගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට බලපෑමක් සිදුව ඇත්ද යන්න සෙවීම සදහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තාවක් කැදවා තිබෙනවා.

තව කියවන්​න

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. සිදුහත් කුමරු මවු කුස පිළිසිඳ ගැනීම මෙන්ම ගිහි ගෙයින් නික්මයාම සිදුවුණේ අද වැනි ඇසළ පුන්පොහෝ දිනකයි. එමෙන්ම බුද්ධත්වයෙන් පසු බුදුන් වහන්සේ ප්‍රථම වරට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම ද අද වැනි පොහොය දිනකදී සිදුවුණා. ප්‍රථම ධර්ම සංගායනාව,කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පැමිනීම, යමා මහා පෙළහරපෑම, භික්ෂූන් වහන්සේ පෙරවස් එළඹීම යනාදී වැදගත් සිදුවීම් රැසක් සිදු වුයේ ද ඇසළ පෝය දිනකදියි.

තව කියවන්​න

සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී තමන් එහි වගකීම බාර දෙන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බවත් ඒ අනුව එවැනි කටයුතු සිදු කළේ කේ. එන් චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය. කෙසේ වුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර…

තව කියවන්​න

රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාටද ලබා දීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. පාරිභෝගික පනත සංශෝධනය කිරීම සඳහා අදාළ යෝජනා ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ නියමයෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ සඳහන් වසර 6 වෙනුවට වසර 5 ක් ලෙස සංශෝධනය කිරීම සඳහා මෙම කෙටුම්පත සකස් කර තිබෙනවා. කෙසේවෙතත් අධිකරණ අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේ, මේ කෙටුම්පත ගැසට් නොකරන ලෙස තමන් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි.

තව කියවන්​න

උතුරු මැද පළාතේ ගුරුවරුන්ට සිය පාසලේ සිසුන්ට මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා. උතුරු මැද පළාත් ලේකම්වරයා විසින් නිකුත් කළ නව චක්‍රලේඛයක් මගිනුයි මෙම තහනම පනවා ඇත්තේ. ඒ අනුව පාසල් කාලය තුළ සහ ඉන් පසුව, සති අන්ත නිවාඩු දිනවල උපකාරක පන්ති, පැවැත්වීම උතුරු මැද පළාත් ගුරුවරුන්ට තහනම්වනවා.

තව කියවන්​න

රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ “Faculty of Allied Health Science (FAHS) නව ගොඩනැගිලි සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම අතිගරු ජනාධිපති   රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් අද (19) පෙරවරුවේ සිදු කෙරිනි. ගාල්ල වලහන්දුව ප්‍රදේශයේ මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉතා අලංකාරවත් අන්දමින් ඉදිකර ඇත. මෙරට ආර්ථික හා සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට අධ්‍යාපනික වැඩසටහන් පෙළගැස්වීම තුළින් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා හොඳ තත්ත්වයේ තාක්ෂණික වශයෙන් දක්‍ෂ සෞඛ්‍ය වෘත්තිකයන් රටට බිහි කිරීම සහ සම සෞඛ්‍ය විද්‍යාවන්හි උසස් අධ්‍යාපනය හදාරන සැමට අධ්‍යාපනික අවස්ථා ලබාදීමේ ප්‍රමුඛ අරමුණ මෙම රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ නව ගොඩනැගිලි…

තව කියවන්​න