Author: VNews

තියුණු තරගයකින් පසු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ජැෆ්නැ කින්ග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම එක් ලකුණකින් පරජයට පත්කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 187ක් රැස් කළා. ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ශතකයන් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කැන්ඩි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 186ක් පමණයි. ඒ අනුව ජැෆ්නා කණ්ඩායම අද ගෝල් කණ්ඩායම සමග ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රිඩා කිරීමට නියමිතයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රි 07.30ට ආරම්භ…

තව කියවන්​න

නිල සංචාරයක් සඳහා 2024 ජුලි මස 14 වන දින දිවයිනට පැමිණි සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) සිය නිල සංචාරය සාර්ථකව නිමා කරමින් අද දින (2024 ජුලි 21)උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සීෂෙල්ස් බලා පිටත් විය. මෙම නිල සංචාරයේදී සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින්  ශ්‍රී ලංකා  ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සමඟ  නිල හමුවීම් සිදුකර ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි.…

තව කියවන්​න

තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. යෝජිත නව පනත් කෙටුම්පත මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද විධිවිධාන අන්තර්ගත වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත අවශ්‍ය ආධාර සහ උපකාර ලබාදීම සඳහා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් බිහිකරනු ලබන බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස්…

තව කියවන්​න

රාජ්‍ය සේවක වැටුප් රුපියල් 5000කින් ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවකයින්ට පසුගියදා වැඩි වු රුපියල් දහදහසක දීමනාව ද සමග රුපියල් 15000ක් සෑම සේවකයෙකුට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර රාජ්‍ය සේවක වැටුප් පිළිබද සමාලෝචනයක් සිදුකිරීම සදහා කමිටුවක් මේ වන විටත් පත්කර තිබෙනවා. එම කමිටුමේ නිර්දේශ මත ලබන වසරේ සිට විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සංශෝධනය කිරීමට නියමිතයි.

තව කියවන්​න

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වූයේ විධායක ජනපති ක්‍රමයේ අසීමිත බලතල අඩුකර, ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම බව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර එල්ලකළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය ට්‍රම්ප් ආධාරකරු වෙනුවෙන් පැවති අනුස්මරණ උත්සවයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගිනි නිවීමේ රථ සහ යතුරුපැදි යොදා ගනිමින් එම අනුස්මරණ උත්සවය සංවිධාන කර තිබුණි. අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතකින් දිවි ගලවා ගත්තේ පසුගිය සතියේදී ය.

තව කියවන්​න

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතය.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු විය හැකියි.

තව කියවන්​න

ආර්ථිකය ගොඩනැගීම පසෙකලා පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ නම් රටේ ඉරණම තවත් ඛේදනීය තත්ත්වයකට පත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තව කියවන්​න

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (20) පැවති උත්සවයට එක්වෙමිනි. සමරු ඵලකය නිරාවරණය කර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසු සිසුවියන් සමඟ සුහද කතාබහක ද නිරත…

තව කියවන්​න