- 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක්
- යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක්
- බුද්ධශාසන අමාත් මහ නා හිමිවරුන් බැහැ දකී
- නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආරම්භ කරයි
- සහස්ධනවි බලාගාරයේ ගාස්තුව පිළිබඳව මාධ්‍ය නිවේදනයක්
- සිරකරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් රජයෙන් අලුත් වැඩක් ! – VIDEO –
- පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
- ආණ්ඩුව ඇයි මෙහෙම නිහඬ – සජිත් අහයි – VIDEO –
Author: VNews
ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 21 වන ඉරිදා සහ ඊයේ දිනයන්හි ගෝෆා ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාපතන තත්ත්වය සමඟ සිදුවූ නායයෑම්වලින් එම මරණ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුධ, ගුවන් සහ නාවික යන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවන බවයි.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට දඹුල්ලේ පැවැත්වෙයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීම සමත්විය. එම තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත් වූවාය. ඇය එම ශතකය රැස් කර තිබුණේ හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමිනි.
මහනුවර කතරගම දේවලයේ ප්‍රධාන කපු මහතා ගේ පාරම්පරික නිවසේ ගින්නක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් එම නිවසේ ඉහළ මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ. මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කරන්නේ අදාල ගින්නෙන් වසර 150කටත් වඩා පැරණි එම ගොඩනැගිල්ලට බරපතළ ලෙස හානි සිදුවී ඇති බවයි.
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) දින කඩවත පොලිස් වසමේ අංක 338/5/බි, ගෝනහේන, වෑබඩ ලිපිනයේ දී අදාළ වැටලීම සිදුකර ඇත.
රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමා උණ්ඩයකට මුහුණ දුන් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මිචිගන් හි පැවති මැතිවරණ ප්‍රචාරක රැළිකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ. රැළිය සඳහා දහස් ගණනක පිරිසක් එක්ව සිටි අතර ජේ ඩී වෑන්ස් උප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා එක්ව සහභාගී වූ පළමු මැතිවරණ ප්‍රචාරක රැළිය ද මෙයයි. ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමට හා ධවල මන්දිරයේ බලය යළි තමා සතු කර ගැනීමට තමා සූදානම් බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
යල්පැන ගිය ක්‍රමවේද වෙනුවට කෘෂිකර්මාන්තය සහ අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දිය යුතු බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ වැඩසටහනේ 346 වැනි අදියර යටතේ කුරුණෑගල වාරියපොළ මිනුවන්ගැටේ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී තිබුණා. ඒ ඇය අද කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 21 හැවිරිදි ඇය මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, මෙම වෙඩි තැබීම සඳහා ඇය ආධාර අනුබල දී බව මේ වනවිට හදුනාගෙන තිබෙනවා.
බංග්ලාදේශය තුළ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට පැමිණිමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එරට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේයි මෙම සිසුන් පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත්තේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50ක් පමණ අධ්‍යාපනය ලබන බවයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයින් තුන්දහසකට ආසන්න ශ්‍රමිකයින් පිරිසක් ද බංග්ලාදේශය තුළ රැකියාවල නිරතව සිටිනවා.
විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත්කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස් කළේ ලකුණු 111ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 114ක් ලබා තරගය ජය ගත්තා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන මීලග තරගය හෙට මැලේසියානු කාන්තා කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222