- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
- ගුරුවරියක් ළිඳකට වැටී මරුට
- ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී අනතුරක්
- ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් මහාධිකරණයේ පෙනී සිටින්නැයි නාමල්ට සිතාසි
- උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
- ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි
- ගම් – නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
- ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 ම ක්‍රියාත්මකයි
Author: VNews
ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නබී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ එළඹෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුවයි. ඔහු සිය තීරණය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයට ද දැනුම් දී තිබෙනවා. ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කළ මංගල එක්දින තරගය සදහා ද ක්‍රීඩා කළ නබී මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 165 ක් ක්‍රීඩා කර රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3,549 ක්.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලය දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම හේතුවෙනුයි. ඒ අනුව ලබන 13 සහ 14 දින දෙක නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලය වසා තැබෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
2024 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඊයේ දවස පුරා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වූ අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සමස්ත ලංකා ජයග්‍රාහකයන්ට පදක්කම්, ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය කරමින් නවනිපැයුම්වල වෙළෙඳපොළ වාණිජකරණය පිළිබඳ අදහස් පළ කළා ය. එහි දී ඇය කියා සිටියේ, දක්ෂතා සහිත පාසල් මට්ටමේ නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ, ඉදිරි 2025 වර්ෂයේ දී ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ පාසල් රොබෝ සහ නව්‍යකරණ නමැති වෙන ම අංශයක් යටතේ ඉදිරිපත් කරමින් මෙරට ව්‍යවසායකයන්ට එම නිර්මාණ හඳුනා ගන්නටත් එමගින් එම නිර්මාණවලට වෙළෙඳ පොළ තුළ වාණිජකරණයට අවස්ථා සැලසීමටත් ක්‍රියා කරන…
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024 කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්‍ය පීඨයේදී සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දේශන රඟහලේදී (physiology lecture theatre) මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්විණි. මෙම නව සිසු කණ්ඩායමට සිසුන් 237 ඇතුලත් වන අතර වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාලය වසර 5 කි. එය අදියර දෙකක් යටතේ සිදුවේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 07 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දස දෙනෙකු (10) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2024 නොවැම්බර් මස 07 වන දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින්, මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධීවරයින් දස දෙනෙකු (10) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු…
බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි එක්දින තරගයේ දී ඔහු අවසරයකින් තොරව ක්‍රීඩා භූමියෙන් පිටව යාමේ සිද්ධියකට අදාළවයි. කොදෙව් කණ්ඩායමේ නායක ෂේයි හෝප් සමග ඇති වූ මතභේදයක් හේතුවෙන් අල්සාරී ජෝසප් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව තිබුණා. කෙසේ වෙතත්, අදාළ සිද්ධියෙන් අනතුරුව අල්සාරි ජෝසප් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150000/- ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම , මත්තුමගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිනිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළින ගමගේ මහතා හමුවට පමුණුවනු ලැබුවා. අදාළ අල්ලස් මුදල එම දරුවාගේ මවගෙන් සිය කාර්යාලය තුළ ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණා. සුදුසුකම් නොමැති නිසා පැමිණිලිකාරියගේ දරුවා පාසලට ඇතුළත් කර ගත නොහැකි බවත් අදාල අල්ලස් මුදල ලබා දෙන්නේ නම් ඇතුළත් කළ හැකි බවත්…
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් අද දින (2024 නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. එහිදී, නාවික හමුදාධිපති හමුවීමෙන් අනතුරුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (Maritime Rescue Coordinating Centre, Colombo – MRCC) සහ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ (Information Fusion Centre – IFC) කටයුතු නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක ලේකම්වරයා, නිලධාරීන් සහ නාවිකයන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමද නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි ආරක්‍ෂක ලේකම්වරයා, බටහිර නාවික විධානයේ ආඥපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ විසින් නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීම සිදු කෙරිණි. හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත…
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිද ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නීතිවිරෝධී ලෙස එකලස් කළ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි මෝටර් රථයක් සන්තකයේ තබා ගැනිමේ චෝදානවට අදාළව ඔවුන් දෙදෙනාව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.
මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 144ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා සමස්ත පැමිණිලි 1938ක් වාර්තා වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 19ක් , නීති උල්ලංගනය කිරීම් 1884ක් ඊට ඇතුළත් බව ද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222