Author: Suraj Alwis

නියෝජ්‍ය කතානායක රිස්වි සාලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව මේ වන විට වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රෂනවාරය ආරම්භ වී තිබෙනවා. මේ අතර අභවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද ශෝක යෝජනා ඉදිරිපත් කෙරෙන අතර ඊට අදාළ විවාදය සිදු කිරීමට නියමිතයි. මාලිනි ෆොන්සේකා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් අද විවාදය පැවැත්වෙනු ඇති.

තව කියවන්​න

සිය වැනි ජන්ම දිනය සමරන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් එක කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා මැලේසියාව ගොඩ නැගූ නායකයා ලෙසයි සලකනු ලබන්නේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුට එලෙස සුබ පතා ඇති අතර එහිදී ඔවුන් අතර කෙටි දුරකථන සංවාදයක් ද පවත්වා ඇති බව සඳහන්. අසුව දශකය මුල් භාගයේ දී බලයට පත්වුණු මහතීර් මොහොමඩ් අගමැතිවරයා වත්මන් මැලේසියාව දියුණු තත්ත්වයට පත් කිරීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කළ නායකයෙකු වනවා.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද සඳහන්. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි…

තව කියවන්​න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තිස් පස් වසරකට පසු පළමු වරට එහි සේවක බඳවා ගැනීමේ ක්‍රියාවලියට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වනවා. එම සංස්ථාවේ පවතින අක්‍රමිකතා පිළිබඳ දිගුකාලීන ගැටළු විසඳීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කොටසක් ලෙස ශ්‍රම බලකායේ සැලකිය යුතු අඩුවීමක් ඇතුළත් වන බවද වාර්තා වනවා. 2012 වසරේ සිට බඳවා ගත් සේවකයින් 3,000 ක් පමණ ඔවුන්ගේ තනතුරු සමාලෝචනය කරනු ලබන බවත්, ශ්‍රම බලකාය අත්‍යවශ්‍ය සේවකයින් 2,031 ක් දක්වා අඩු කරන බවත්, සංස්ථා ආරංචිමාර්ග සඳහන් කරනවා. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මානව සම්පත් උපාය…

තව කියවන්​න

2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් දෙලක්ෂ තිස් හත් දහස් විසි හය දෙනෙකු උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා. එම අගය විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට හැත්තෑ තුනයි දශම හතරයි පහක ( 73.45% ) ක ප්‍රතිශයක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම සියලුම විෂයන් සඳහා A – සාමාර්ථ නවයම ලබා ගත් ශිෂ්‍ය, ශිෂ්‍යාවන් 13,392 ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා. එය ප්‍රතිශතයක් ලෙස සියයට හතරයි දශම එකයි පහක ( 4.15% ) අගයක්.

තව කියවන්​න

පානදුර, හිරණ පොලිස් වසමේ, මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද අළුයම වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරු වයස අවුරුදු 32 ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පල කරනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන…

තව කියවන්​න

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ බංග්ලාදේශ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 155 ක ඉලක්කය තරගයේ 19 වැනි පන්දුවාරයේදී පසු කර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 16 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 73 ක් රැස් ගත්තා. පන්දු 51 කට මුහුණ දෙමින් කුසල් ගොඩ නැගූ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර පහක්…

තව කියවන්​න

2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ලබන දා හතර වැනිදා සිට විසි අට වැනිදා දක්වා සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ප්‍රතිඵල පිළිබඳ කිසියම් විමසීමක් අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාවේ දුරකතන අංක වන 0112-785922, 0112-784208, 0112-786616 සහ 0112- 784537 යන දුරකතන අංක ඇමතිමෙන්ද විමසීම් කළ…

තව කියවන්​න

මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා. මැලේසියානු දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන මහතීර් මොහොමඩ් ඔහුගේ පරිවර්තනීය සහ ඇතැම් විට මතභේදාත්මක නායකත්වය වෙනුවෙන් ප්‍රකට පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ. 1981 වසරේ සිට 2003 වසර දක්වා මැලේසියාවේ සිව්වන අගමැති ලෙසත්, පසුව 2018 වසරේ සිට 2020 දක්වා එරට හත්වැනි අගමැති ලෙසත්, කටයුතු කළ මහතීර් මොහොමඩ් මැලේසියාවේ වැඩිම කලක් සේවය කළ සහ වැඩිම වයසක් ඇති අග්‍රාමාත්‍යවරයා වීමද විශේෂත්වයක්.

තව කියවන්​න

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සන්තකයේ තිබූ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම රන් භාණ්ඩ සහ මුදල් අස්ථාන ගත වී ඇති බව සඳහන් කරමින් මට්ටක්කුලිය පොලිසිය වෙත පැමිණිලි කර තිබුණේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි ජයසීලී අම්මාන් නමැති කාන්තාවක බවයි සඳහන් වන්නේ. තමා සන්තකයේ තිබූ රුපියල් තිස් නව ලක්ෂ 84,381 ක වටිනාකමකින් යුතු රන් භාණ්ඩ සහ කැනඩා රජයේ මුදල්, ඇමරිකානු ඩොලර් මෙන්ම ශ්‍රී ලංකා මුදල්ද අස්ථානගත වී ඇති බවයි ඇය එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මට්ටක්කුලිය පොලිසිය අවුරුදු 34 ක් පමණ වයසැති සුවදි නීලන් නමැති කාන්තාවක සැක කටයුතු…

තව කියවන්​න