- මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – මහ බැංකුවෙන් දැනුම්දීමක්
- නාරාහේන්පිට නිවසක ගින්නකින් පුද්ගලයෙකු මරුට
- කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු ගැන තොරතුරු රැසක් එළියට
- තම පෙම්වතියව ඝාතනය කළ පෙම්වතෙකු සිය දිවි හානි කර ගනී
- ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානය සමග දැවැන්ත වෙළෙඳ ගිවිසුමක
- ඖෂධ අඛණ්ඩව සපයන්නැයි ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්
- මාරවිල වෙඩි තැබීමක් – කාන්තාවක මරුට – දරුවෙකුටත් තුවාල
- ඇමෙරිකාව යළිත් වරක් යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වන බව නිවේදනය කරයි
Author: Suraj Alwis
මෙම වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබෙනවා. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ 2025 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මැයි මස 31 වැනිදා දක්වා කොමිෂන් සභාව වෙත පැමිණිලි 2,138 ක් ලැබී ඇති බවයි. 2024 වර්ෂයේ ඉතිරිව ඇති පැමිණිලි ද සමගින් මේ වන විට කොමිෂන් සභාව සතුව පවතින සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,221 ක් වන බව සඳහන්. ඉන් පැමිණිලි 224 ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524 ක් විමර්ශනය නොකිරීමටද තීරණය කර තිබෙනවා. මේ අතර පැමිණිලි…
විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, කථානායක, ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි මස 30 වැනිදා හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව එලෙස රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව අද කැඳවා තිබෙනවා. ඒ අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය අද පස්වරු 04.30 දක්වා පැවැත්වීමට නියමිතයි.…
වත්තල, පල්ලියවත්ත නිවසක සඟවා තිබූ කිලෝ 39 කට ආසන්න කේරළ ගංජා තොගයක් කැලණිය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර ඇති බව සඳහන්. පොලිස් භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බවයි පොලීසිය පැවසුවේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබූ බවත්, අදාළ වැටලීමේදී සැකකරුවන් හය දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ලෝක සමාජ මාධ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබෙනවා. මේ අනුව ලොව දැවැන්ත වෙනසක් සිදු කිරීමට මෙන්ම ලෝකයම එක් ස්ථානයකට පත් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයක්. නව මාධ්‍ය ප්‍රවණතා ඔස්සේ මේ වන විට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්ව තිබෙනවා. තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වන විට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමතයක් ගොඩ නඟා තිබීමද විශේෂත්වයක් ලෙසයි සැලකෙන්නේ. ලෝකයේ මහාද්වීප යා කරමින් අති විශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වනවා. ඒ අතර ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටික් -…
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. පැතුම් නිස්සංක සමගින් දෙවන කඩුල්ලට ලකුණු 194 ක අගනා සබඳතාවක් පැවැත් වූ ඔහු ලකුණු 93 ක් රැස් කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඒ හේතුවෙන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17 වැනි ශතකයට ලකුණු හතක් පසුපසින් තිබියදී චන්දිමාල්ගේ ඉනිම අවසන් වුණා. ඔහු 2022 වසරේදී ගාල්ලේ පැවති තරගයදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 94 ක් රැස්කිරීම හැරෙන්න, මීට පෙර කිසිදු අවස්ථාවක ටෙස්ට් තරගයකදී ලකුණු 90 ත් 99 ත් අතරදී දැවී ගොස් නොතිබීමද විශේෂත්වයක්. චන්දිමාල් අවස්ථා හයකදී ලකුණු 80 ත් 89…
ඊශ්‍රායලය සහ ඉරානය වෙහෙසට පත්ව සිටියද දෙරට අතර ගැටුම නැවත ආරම්භ විය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට සමගාමීව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඉරානය සමග ලබන සතියේ සාකච්ඡා පැවැත්වීමටද තම පරිපාලනය සැලසුම් කර ඇති බවයි. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල කිරීමට ද හේතු වූයේ දෙරට අතර සාකච්ඡා අසාර්ථක වීම බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එම සාකච්ඡා ලබන සතියේ යළිත් පැවැත්වීමට තම පරිපාලනය සැලසුම් කර ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සිය නිල සංචාරය නිමා කරමින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සදහා එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා. එම පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින රැදෙවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේ. මීට අමතරව සමරිසි විවාහ අපරාධයක් නොවන ලෙසට යෝජනා වන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සම්බන්ධයෙන්ද තමන් මෙරට රජය සමගින් සාකච්ඡා කළ බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ…
කතරගම පෙරහැරට සමගාමීව එම නගරය පිරිසිදු කිරීමේ ව්‍යාපාතියක් ආරම්භ කර තිබෙනවා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මුල් කර ගනිමින්. මෙම ව්‍යාපෘතිය ජූලි මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ කතරගම ප්‍රාදේශීය සභාව එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා. මෙම වැඩසටහන සදහා පාසල් සිසුන් සහ ස්වේච්ඡා සංගම්වල දායකත්වය ලබා ගැනීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ. ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලය, කිරි වෙහෙර පුදබිම, සෙල්ල කතරගම සහ වැඩසිටි කන්ද මුල් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා. මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ පළමු පෙරහැර ඊයේ රාත්‍රියේ යෙදුණු සුභ මෙහොතින් වීථි සංචාරය කරනු…
ලුණු සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබෙනවා. ලංකා ලුණු නිශ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ ජාතික පාරිභෝගික අධිකාරිය සමග ඇති කර ගත් එකගතාවයකින් පසු මෙම තීරණය ගත් බවයි. ඒ අනුව උපරිම සිල්ලර මිලකට යටත්ව ලුණු මිල අඩු කිරීම සදහා කටයුතු කරන බව ලුණු නිශ්පාදකයින්ගේ සංගමය සදහන් කළා. මේ අනුව ලණු කැට කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 180 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. එමෙන්ම ලුණු කුඩු කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 240 ක උපරිම සිල්ලර මිලක් නියම කරීමටයි තීරණය කර ඇත්තේ. සමස්ත ලංකා ලුණු නිශ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ ලුණු කුඩු ග්‍රෑම් 400 ක් සදහා රුපියල් 120 ක උපරිම සිල්ලර…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් හිටපු ජනපති තාබෝ ම්බෙකි මහතා එහිදී සදහන් කර තිබෙනවා. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ. ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බව ජනාධිපති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222