Author: Aditha Nawod Akalanka

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 157.36කින් ඉහළ ගොස් 17,657.60 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.90%ක ඉහළ යාමක්. ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.6 ක් ලෙසයි සටහන්ව ඇත්තේ

තව කියවන්​න

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා . නව රජයේ වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතා හඳුනා ගෙන ඊට සහයෝගය පළ කිරීම මෙම හමුවේ අරමුණ බවයි වාර්තා වුනේ . ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය යන ආයතනවලින් ක්‍රියාත්මක කරන වැඩසටහන් විමසා බලා ඒවායේ ප්‍රමුඛතා හඳුනාගෙන ඊට මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා. ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් විසින් ගෝලීය වෙනසක් සඳහා සිදු කරනු ලබන මෙම ක්ෂේත්‍ර සංචාරයේදී සෑම අමාත්‍යාංශයකටම ගොස් වැඩසටහන් සමීපව නිරීක්ෂණය කරමින් වැඩසටහන්වලට සහාය දැක්වීමට මෙහිදී එකඟතාවකට…

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ සාමාජික රටවල් 18 සැසිය නියෝජනය කිරීම සඳහා අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ආසියා පැසිපික් කලාපය නියෝජනය කරමින් පළමුවරට ශ්‍රී ලංකාව එහි සභාපතිත්වය දැරීම මෙවර සැසියේ විශේෂත්වයක් . ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ සාමාජික රටවල්වල සැසිය ලබන 10 වනදා සිට 12 වනදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන මෙම සැසියේ ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සහභාගි වනවා. ඒ මහතා ලබන 10 වනදා සැසිය ඇමතීමට නියමිතයි. සමාජ සංවර්ධනය සඳහා ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් හා දායකත්වය පිළිබඳ මහජන අවබෝධය වැඩිදියුණු…

තව කියවන්​න

දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ අණාරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වුනේ. එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්ගෙන් විමසීමක් සිදු කර තිබුණා. ඊට ප්‍රතිචාර දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක් පමණ මෙරට පවතින බවයි.

තව කියවන්​න

ලෝක සාගර දිනය අදට යෙදී තිබෙනවා. 19991 වසරේ රියෝද වෙනයිරෝ නුවර පැවති ගෝලීය සංසදයේදී පළමු වරට ලෝක සාගර දිනය ලෙස ජුනි මස 08 වන දින ප්‍රකාශයට පත් කර තිබුණා. පසුව 2008 වසරේදී නැවතත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජුනි මස 08 වන දින ජගත් සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර පළමු වරට 2009 වසරේදී ජගත් සාගර දිනය සමරා තිබෙනවා. මේ අතර ජගත් සාගර දින සැමරුම අද කාළඹ වරාය නගරයේදී සංවිධානය කර තිබෙනවා. මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වන්නේ අපි රකින අසිරිමත් මහ සයුර සුරකිමු යන්නයි.

තව කියවන්​න

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සදහා තවමත් දෙපාර්ශවයෙන් කිසිදු එකරැතාවයකට පැමිණ නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කළේ. යුක්‍රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියා ප්‍රහාර හමුවේ සටන් විරාම හෝ සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර පළක් නොමැති බවයි. ඊයේ යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව සිදු කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 20 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණා.

තව කියවන්​න

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය තුන්වැනි දිනටත් සිදුකරමින් සිටින වැඩවර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 4ක් ඊයේ පෙරවරුවේ සිය වර්ජනය අතහැර දැමූ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් පමණක් ඊයේ දිනයේත් වර්ජනයේ නිරත වුනා. ඒ අනුව අද උදෑසන 8.00ට සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

තව කියවන්​න

සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරම්භකර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඒ මහතා මේ බව පවසා සිටියා. සමූපකාර බැංකු රැසක මූල්‍ය අක්‍රමිකතා ඇතුළු අවිධිමත් කටයුතු සිදුවන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බැවින් ඒවා නිවැරදි ලෙස නියාමනය කරමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා නව නීති ගෙන ඒම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. මෙම තත්ත්වය නිසා මහජනතාවගේ පහසුව වෙනුවෙන් ඇති සමූපකාර බැංකු ක්‍රමයෙන් ජනතාවගෙන්…

තව කියවන්​න

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. යාං ඔය, ගල්ඔය සහ මහවැලි ව්‍යාපෘති මෙන්ම කුඩා වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළුව වාරිමාර්ග ක්ෂේත්‍රයට අදාළව ආරම්භ කර ඇති ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ. මෙවර අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කෙරෙන ව්‍යාපෘති පිළිබඳ සමීපව අධ්‍යයන කරමින් එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වාරිමාර්ග ක්ෂේත්‍රයේ පවතින…

තව කියවන්​න