- මැදවච්චියේදී කොමසාරිස් සහ මාලිමාව කළ අක්රමිකතාවලට එරෙහිව විපක්ෂය නීතිය හමුවට
- ඉදිරි පැය 36ට කාලගුණයෙන් අනාවැකියක්
- දමිළ ප්රගතිශීලි සන්ධානයේ සහය කාටද? තීරණය හෙට
- මුරකරු ඝාතනය කොට වෙන්නප්පුවෙන් ඉස්සූ KDH වෑන් එක නුවරින් මතුවෙයි
- තඹුත්තේගම මූලික රෝහලට තට්ටු 6ක වාට්ටු සංකීර්ණයක්
- සම්බාහනය මුවාවෙන් ලොව පැරණිම රස්සාව කරලා මාට්ටුවෙයි
- VIDEO : ආණ්ඩුවට බිම් මට්ටමේ ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙලා
- PHOTOS: කඳ සුරිඳු වන්දනාවට පළමු පාද චාරිකව ඇරඹෙයි
Author: Aditha Nawod Akalanka
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස් මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ආයතනය සහ ලාෆ්ස් ගෑස් ආයතනය අතර ගිවිසුමක් සදහා අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමින්. හම්බන්තොට පර්යන්තයේ මේ වන විට ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් විසිදහසක් පවතින බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.
පුද්ගලයන් 21 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු සුඩානයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී එම අනතුරින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තිදෙනෙකුගේ තත්ත්වය ඉතාමත් බරපතළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මියගිය අය අතර නියමුවා සහ සහය නියමුවා ද සිටින බවයි සඳහන් වන්නේ.
මහජන පැමිණිලි සදහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් WHATS APP අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ මෝටර් රථ විසින් මහජනතාව වෙත සපයන සේවා කාර්යක්ශම කිරීම සදහායි. ඒ අනුව 071 403 3300 යන දුරකථන අංකය හරහා ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පවසනවා. ඒ අනුව උතුරු,උතුරු මැද,නැගෙනහිර ,ඌව සහ දකුණු පළාත් වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් මිලිමීටර 50 ට වැඩි වැසි ඇති වන බවයි එම දෙපාර්තුමේන්තුව පැවසුවේ. වැසි සමග ඇති වන තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදු වන අනතුරු වලක්වා ගැනීම සදහා පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.
ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින්. මෙම මණ්ඩලය මගින් මූල්‍ය ආරව්ල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර සමතයකට පත් කරන බවයි විෂය භාර අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර පැවසුවේ. පළමු අදියර යටතේ කොළඹ,ගම්පහ,මහනුවර,අනුරාධපුර,පොළොන්නරුව සහ මොනරාගල දිසුත්‍රික්ක වල මෙම මූල්‍ය සමත මණ්ඩලය පිහිටුවීමට නියමිතයි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි කොළඹ මහාධිකරණයේ කැදවා තිබූ නඩුව මැයි මස 28 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ අද මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 20 වන දින අනුරාධපුරයේදි රථ වාහන රාජකාරීයේදී සේවයේ නැති වූ පොලිස් නිලධාරීන්ගේ සේවයට බාධා කීරීම සම්බන්ධයෙන්.
පවතින වත්මන් රජයේ වැඩ පිළිවෙළ වශ්වාස සහගත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඒසත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්ස් ඇන්ඩෲ මේ බව පැවසුවේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග පැවත් වූ සාකජ්ඡාවක් අතර තුරදීයි. මෙම වසරේ පැවැත්වීමට නියමිත ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය , දේශගුණික සමුළුව ,සාගර සමුළුව,සමා සංවර්ධන සමුළුව යන වැඩසටහන් සදහා ශ්‍රී ලංකා රජයේ සහභාගීත්වය බලා පොරොත්තු වන බවයි එහිදී මාර්ක්ස් ඇන්ඩෲ මහතා පැවසුවේ.
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන රෝග විද්‍යායතනයේ විශේශඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ පැවසුවේ පිරිමි පුද්ගලයින්ට සාපේක්ශව කාන්තාවන් දුම් පානය කිරීම ඉහළ ගොස් ඇති බවයි. මෙම නිසා ශ්වසන පද්දතිය ආශිත පිළිකා රෝග කාන්තාවන් අතර බහුල වන බවයි වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ පැවසුවේ.
අද රාත්‍රී කාලයේ නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක් සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නිට්ටඹුව ශ්‍රී විජේරාමය විහාරස්ථානයේ වාර්ශික දුරුතු මහ පෙරහර මංග්‍ය හේතුවෙන්. පෙරහැර නිසා මාර්ගයේ ඇති වන රථ වාහන අවහිරය මගහැරවීම සදහා නිට්ටඹුව නගරයේ සිට කොළඹ මාර්ගයේ මල්වත්ත හංදිය දක්වා වූ කොටසේත් මල්වත්ත හංදියේ සිට නුවර මාර්ගයේත් තනි මංතීරුවක් දෙකට බෙදා රථ වාහන ධාවනය සිදු කරන බවයි පොලීසිය පැවසුවේ මෙම මාර්ග භාවිතා කරන රියදුරන් සදහා විකල්ප මාර්ග කිහිපයක්ද හදුන්වා දී තිබෙනවා. පොලීස් රථවාහන ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ නිට්ටඹුව නගරය හරහා ගමන් කිරීමේදී පෙරහැර අවසන් වන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222