Author: Aditha Nawod Akalanka

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවස එම දෙපාර්තුමේන්තුව නිවේදනය නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 50 ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකියි. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

තව කියවන්​න

ඊශ්‍රායල ප්‍රහාර සදහා ඉතා ප්‍රභල ප්‍රතිචාරයක් ලබා දෙන බව ඉරාණ ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා. ඊශ්‍රායලය තවමත් ඉරානය වෙත ප්‍රහාර සිදු කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉරාන හමුදා ප්‍රධානීන් ඇතුලු ඉරාන න්‍යහ්ටික ප්‍රධානීන් 06 දෙටනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සචදහන් කර ඇත්තේ මේ සදහා නිසැක වශයෙන්ම ප්‍රතිචාර දක්වන බවයි.

තව කියවන්​න

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් මහත්මිය හමු වී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි. ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර දෙරටෙහි ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ වූ දීර්ඝ ඉතිහාසය සහිපත් කළ ජනාධිපතිවරයා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක් වූ දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කර ඇති…

තව කියවන්​න

ජනාධිපතිවරයාගේ ජර්මානු නිල සංචාරය සම්බන්ධයෙන් පසුගිය දා උදය ගමන්පිළ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ විසින් අපරාධ පරීක්ශණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උධිත හිමියන් සදහන් කළේ උදය ගම්මන්පිළ මහතා සිදු කරන ප්‍රකාශ කිසිදු පදනමකින් තොර වන බවයි. https://youtu.be/_a4cgRrIiXs?feature=shared

තව කියවන්​න

ජාතික ජනබලවේගයේ කොළඹ මහනගර සභා මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා . ජාතික ජනබලවේගයේ කොළඹ මහනගර සභා මන්ත්‍රි කණ්ඩායම දිවුරුම් දීම සිදු කෙරුණේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීයි. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල , කණ්ඩායම් නායිකා ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව තිබුණා. මෙහිදී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ තම කණ්ඩායමට කොළඹ නගරය සංවර්ධනය කිරීමේ දැක්මක් පවතින බවයි.

තව කියවන්​න

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට අරම්භ කර තිබුණා . මෙම වැඩසටහන සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද මේ අයුරින් විමධ්‍යගත කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි…

තව කියවන්​න

මේ වන විට රටේ ජනතාව වත්මන් රජය ප්‍රතික්ෂේප කරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා. https://youtu.be/YSsCx-9R898?feature=shared

තව කියවන්​න

ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාවේ තොරතුරු අනුව කෘෂිකර්ම අමාත්‍යංශය ලබා ගත් නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළේ කසල කලමණාකරනය නිසි පරිදි නොකිරීම තුළ සත්ත්ව ග්‍රහණය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි. නිසි කසල කලමණාකරණයක් සිදු කිරීම ,වන්ධ්‍යකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම , වනජීවි කලමණාකරනයට අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය ,සත්ත්ව ගහණය වැඩි ප්‍රදේශවල ප්‍රජා භෝග ආරක්ෂණ කමිටු පත් කිරීම වැනි නිර්දේශ ඒ අතරට අයත් වනවා. මෙම ජාතික සත්ත්ව සංගණනය කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් මාර්තු 15වනදා ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ අනුව එම වාර්තාවේ තොරතුරු ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කළේ.

තව කියවන්​න

අද පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම තහවුරු කරනු ලැබුවේ ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බවයි කෙසේ නමුත් අදාළ ගුවන් යානයේ 11් ආසනයේ සිටි මගියා මේ වනවට දිවි බේරාගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ විශ්වාෂ් නම් බි්‍රතාන්‍ය ජාතිකයෙක්. ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් බෝයිං 787 ගුවන් යානය අද (12) පස්වරු 1. 38ට උඩු ගුවනට ඔසවා විනාඩි කිහිපයකට පසුව අනතුරට පත්ව තිබුණා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීයි. බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. ඒ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන්. බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා…

තව කියවන්​න