Author: Aditha Nawod Akalanka

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඊයේ සිට එළඹෙන 18 වනදා දක්වා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බවයි.

තව කියවන්​න

ඉන්දියාවේ ඩෙහ්රාඩූන් සිට කෙදර්නාත් දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. හෙලිකොප්ටර් යානය කඩා වැටෙන අවස්ථාවේ එහි රියදුරු සමගින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. උත්තර්කාන්ද් ප්‍රධාන අමාත්‍ය පුෂ්කර් සිං ධාමි නිවේදනය කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

ඊශ්‍රායලය ඉරාණයේ සිවිල් සහ බලශක්ති ඉලක්ක වෙත තව දුරටත් පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊයේ රාත්‍රියේද ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාරයක් සිදු කරනු ලැබුවා. ඊශ්‍රායලය විසින් ඊයේ ඉරාන අගනගරය වන ටෙහෙරානයේ ශහරාන් තෙල් සංකීර්ණය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. මේ වන විට එම තෙල් සංකීර්ණයේ හට ගෙන ඇති ගින්න පාලනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඉරාන බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට ඉරාන සිවිල් වැසියන් 80 දෙනෙකු මිය ගොස් 800 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලොදිමියර්…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය වන ව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විට…

තව කියවන්​න

මේ වන විට රටේ දේශීය අල ගොවියා දැඩි අර්බුධයකට මුහුණ දෙමින් සිටින බව ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන අනුශාසක අරුණ ශාන්ත මහතා පවසනවා. වී නිව්ස් අප සමග අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ දේශීය අල ගොවියා ආරක්ශා කිරීම සදහා රජය අවධානය යොමු කළ යුතු බවයි.

තව කියවන්​න

මේ වන විට රට තුල චිකුන්ගුන්යා රෝගයේ යම් අඩුවක් වෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබදව විශේශඥ වෛද්‍ය අතුල ලියනපතිරණ     මහතා පවසනවා. වී නිව්ස් අප කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ බස්නාහිර පළාත තුල ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක තුල චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.

තව කියවන්​න

ළමා හිංසන, ළමා අපයෝජන, නොසලකා හැරීම් සහ පසු විපරම් නොකිරීම හේතුවෙන් ළමුන් කායික හා මානසික පීඩා වලට ගොදුරු වූ අවස්ථාවන් රැසක් පසුගිය කාලයේ වාර්තා වී තිබුණා. මෙම තත්ත්වය මගහරවා ගනිමින් ළමයින් සුරක්ෂිත කිරීමේ කාලීන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ළමා රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට —Child First˜ නමින් නව ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාවට නංවා තිබෙනවා. “ළමයාගේ ආරක්ෂාව භාරකරුවන්ගේ වගකීමයි” යන තේමාව අරමුණු කර ගනිමින් ළමුන්ගේ භාරකාරිත්වයේ කුසලතා හා වගකීම පැහැදිලි කරමින් ළමුන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රජා පොලිස් කොට්ඨාසය මගින් දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මේ සමගකටයුතු අරඹා තිබෙනවා. මෙහි පළමු වැඩසටහන ගල්කිස්ස පොලිස් කොට්ඨාසය කේන්ද්‍ර…

තව කියවන්​න

පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් 223කගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක කියා සිටියේ අදාළ නම් කඩිනමින් ලබා දෙන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂවලට යළි දැනුම් දී ඇති බවයි. මේ අතර මැතිවරණ කොමිසමට ලැබුණු සභිකයින් 107 දෙනෙකුගේ නම් ඊයේ මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව ද ඔහු කියා සිටියා.

තව කියවන්​න

කුලීර් දූපත් අසළ අද පෙරවරුවේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. රුසියානු ජාතික භූ විද්‍යා ආයතනය නිවේචදනය කළේ ප්‍රබල පසු කම්පන ඇති වීමේ අවධානමක් මේ වන විට මතු වී පවතින බවයි. භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වී ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා. භූ කම්පනයෙන් මෙතෙක් දේපළ හෝ ජීවිත හානියක් වාර්තා වී නැහැ.

තව කියවන්​න

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.. විදෙස් වාර්තා තහවුරු කළේ, එරට හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළ ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි. මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාද්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.

තව කියවන්​න