Author: Kesara Athipola
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරදා ලකුණු 54 ක ජයක් වාර්තා කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම කඩුලු 4 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 222 ක් . අන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 60 ක් රැස් කළේ පන්දු 34 ක් පමණක් වැය කරමින්. කමිදු මෙන්ඩිස් පන්දු 24 කින් නොදැවී ලකුණු 51 ක් රැස් කළ අතර, ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 23 කින් නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී දුෂාන්…
විදුලි ගාස්තු සියයට 22 යි දශම 5 කින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි . මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම සිය තීරණය ඊයේ ප්‍රකාශයට පත් කළා ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන කාණ්ඩවල විදුලි ගාස්තු අඩු කිරීමට නියමිතයි.
එක්සත් රාජධානියට මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. පුරාවස්තු ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක් බව ද අමාත්‍යවරයා සදහන් කළා .
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් සැකසීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සදහන් කළේ රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බවයි. නීතිඥවරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.
119 වන බන්ධනාගාර දිනය අද දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් මුණගැසීමට විවෘත අවස්ථාවක් සළසා දී ඇති බව සඳහන්. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ මෙම ක්‍රමවේදය අද දිනට පමණක් වලංගු බවයි. එදිනට ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමටද අමුත්තන්ට අවස්ථාව හිමිවනවා.
දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය අද පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී විභාගය පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසුවේ. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බවයි. දිවයින පුරා පිහිටි දහම් පාසල් 10,300ක ගුරුවරු එක්ලක්ෂ විසි හයදහසක් පමණ සිටිනවා.
රජයේ විශ්වවිද්‍යාලවල කටයුතු අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට තම සහයෝගය ලබා දෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා . එහි සම සභාපති මංගල දබරේරා මහතා පැවසුවේ ලිඛිත එකගතාවයක් මත අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කල වර්ජනය නතර කල බවයි . වී එෆ් එම් ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා . දින 75 ක් පුරාවට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් මෙම වර්ජනය අඛන්ඩව පවත්වනු ලැබුවා . විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා පැවසුවේ දින තුනක් ඇතුලත විශ්වවිද්‍යාල පද්ධතිය යලි යථා තත්වයට පත්වනු ඇති බවයි.
ජපන් සහයෝගිතා සංගමය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සමඟ එක්ව මෙවර ‘බොන් ඔදොරි’ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එක් විය. “බොන් ඔදොරි’ යනු වසරකට වතාවක් මනුෂ්‍ය ලෝකය වෙත පැමිණෙන බවට විශ්වාස කෙරෙන, මියගිය මුතුන් මිත්තන්ගේ ආත්මයන් පිළිගෙන ආපසු යැවීමේ චාරිත්‍රයෙන් ආරම්භ වූ ජපන් සම්ප්‍රදායක් වන අතර, එය ජපානය තුළ එරට සංස්කෘතික සම්ප්‍රදායේ හදවත සහ ආත්මය මෙන් සලකා ඉතා ප්‍රකටව සමරනු ලබයි. ජපාන රජයේ දායකත්වයෙන් ඉදිකරන ලද ජාතික තරුණසේවා සභා පරිශ්‍රයේ දී මෙවර ‘බොන් ඔදොරි’ උත්සවය පවත්වනු ලැබීම විශේෂත්වයකි.
මීට වසර දෙකකට පෙර රටට අවශ්‍ය සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු වුව ද, මේ වනවිට මුලු රටේම ජනතාවට අපේ ගොවි ජනතාව නිෂ්පාදනය කළ සහල්, කුකුළු මස් හා බිත්තර පාරිභෝජනය කිරීමට අවශ්‍ය තරම් නිෂ්පාදනය කිරීමට රජයට හැකි වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. දෙබරවැව මහා විද්‍යාලයේ දී පැවති දක්ෂිණ ජන මෙහෙවර ජංගම සේවාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙහිදී දෙබරවැවට මත්ස්‍ය පැටවුන් මුදා හැරීම මෙන්ම ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම හා දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්විණි.
උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළවක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බවත්, එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකිව තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, පාර්ලින්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බව ද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි. සින්නක්කර ඉඩම් ඔප්පු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222