Author: Kesara Athipola
මුල් ළමාවිය සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා වෙනම අධ්‍යාපන ඒකකයක් ස්ථාපිත කර, පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කළ යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘මුල් ළමාවියට ගෞරවයක්’ පෙර පාසල් ගුරුවරියන් සඳහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් ලබාදීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් වෙහෙර රජමහා ශාලාවේ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමිනි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ තමන් ක්‍රීඩා කල තරග 08 න් 05 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගනිමින්. එම සටහනේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ ජැෆ්නා කිංස් කණ්ඩායමටයි. කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සටහනේ තුන්වන ස්ථානයේත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හතරවන ස්ථානයේත් පසුවනවා. දඹුල්ල සික්සර් කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.
වෙරිටේ රිසර්ච් ආයතනය සිය නවතම වාර්තාව එලි දක්වා තිබෙනවා. එම වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. මෙම දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ජූලි මාසයේ වාර්තාවට අනුව ආණ්ඩුව පිලිබද ජනතා ප්‍රසාදය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. පෙබරවාරි මාසයේ වත්මන් ආණ්ඩුව පිළිබඳව සියයට 7ක්ව පැවති ජනතා ප්‍රසාදය මේ වන විට සියයට 24 දක්වා ඉහළගොස් ඇති බව අදාල් වාර්තාවේ සදහන් .
අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර තිබෙනවා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නම් කර ඇත්තේ එම පක්ෂයේ සම්මේලනයේ දීයි . ඒ අනුව ඔහුගේ උප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේ ඩී වාන්ස් නම් කර තිබෙනවා .
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව ,වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි . බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.. මේ අතර ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදය නිකුත් කර ඇත්තේ ආරබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන…
කෙන්යානු රාජ්‍යයේ බදු වැඩි කිරීම්වලට එරෙහිව එරට තරුණ තරුණියන් වර්ජන සහ විරෝධතා මාලාවක් ආරම්භ කර තිබෙනවා. බදු වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙලෙස වීදි බසිමින් වීරෝධතාවල නිරත වන බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ . මෙම බදු වැඩි කිරීමේ ක්‍රියාවලිය අසාධාරණ මෙන්ම දෑරිය නොහැකි බවයි ඔවුන් පවසන්නේ . විරෝධතා මාලාවත් සමග කෙන්යාවේ සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් කෙන්යා රජය විසදුමක් ලබා දෙන තුරු මෙම වර්ජන හා උද්ගෝෂණ අත්නොහරින බවයි ඔවුන් සදහන් කළේ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222