Author: Kesara Athipola

මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මෙම වැඩපිළිවෙළ 2024 මහ කන්නයේ සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව දැනට වැඩිම වී අස්වැන්නක් රටට ලබා දෙන අනුරාධපුර, හම්බන්තොට, පොලොන්නරුව, මහනුවර, අම්පාර හා මොණරාගල කෘෂිකාර්මික බලප්‍රදේශවලආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. වගා කන්න හයක් තුළ මෙරට වී නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩි කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Zhu Yanwei මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් පැවැත්විණ. මෙහි දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක් පවත්වා තිබේ. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමුව ඇත.

තව කියවන්​න

ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සුහද කථා බහකට එක් වූහ. ඉතා කාර්ය බහුල තත්ත්වයක වුවද එම දරුවන් මඟහැර නොගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලූ අතර තම විද්‍යාලයේ අඩු පාඩු කිහිපයක් පිළිබඳව සිසුහු එහිදී ජනාධිපතිවරයාව දැනුවත් කළහ. පාසල සඳහා පානීය ජල පහසුකම් සපයන ජල මූලය දැඩි කිවුලෙන් යුත් බැවින් දැනට නාවික හමුදාව විසින් ඉදිකරනු ලබන RO Plant පද්ධතිය කඩිනමින් ඉදිකර දෙන ලෙස මෙහිදී සිසුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටුකර දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම විද්‍යාලය…

තව කියවන්​න

ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා පැවසීය. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායමේ අවාසි සහගත තත්ත්වය පාලනය කිරීමට ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ප්‍රගතිය ලබා ගත හැකි වූ බවද ඒ මහතා සඳහන් කළේය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (15 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. පසුගිය කාල‍පරිච්ඡේදය තුළ පැවති කෘෂි කර්මාන්තයට…

තව කියවන්​න

සංක්‍රමණය සඳහා ජාත්‍යන්තර සංවිධානයේ (IOM) නියෝජිතයින් සහ ජපානයේ නියෝජ්‍ය තානාපති Katsuki Kotaro මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා හමු වී තිබේ. ඒ ශ්‍රී ලංකා දූත මණ්ඩල ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. එහි දී සාකච්ඡාවට ගත් ප්‍රධාන ක්ෂේත්‍ර අතරට, මාර්ගගත ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලවල කාර්යක්ෂමතාව සහ සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් එම සමස්ත කටයුතු ඩිජිටල්කරණය කිරීම ද ඇතුළත් විය.

තව කියවන්​න

පාඩම් පොතට සීමා නොවී ප්‍රායෝගිකව ජීවිත ගොඩනගා ගැනීමට හුරුකරන අධ්‍යාපන ක්‍රමවේදයක් අප රටේ ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ ඔස්සේ රටට වැඩදායී පුරවැසියන් බිහිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (ජුලි 13) මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී පැවති මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන යටතේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම මේ වනවිට දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. එමෙන්ම ප්‍රබල මූල්‍ය ස්ථාවරත්වයක් සහිත රටවල පවා ක්‍රියාත්මක නොවන,…

තව කියවන්​න

බොහෝ වෙන්දේසිකරුවන් විසින් විකුණනු ලබන ඉඩම් හා නිවාස ඔවුන් විසින් බැංකුවලට උකස් කර තිබීම හා ඔවුන් ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් එවන් ඉඩම් හා නිවාස මිළදී ගන්නා පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මුහුණපාන බැවින් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ඒ වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. මෙහිදී පැමිණ සිටි නිලධාරින් පවසා සිටියේ නිසි අනුමතීන් ලබා ගැනීමටත් ප්‍රථමයෙන් වෙන්දේසි දැන්වීම් පළ කරනු ලබන බවයි. මෙහිදී නිවැරදි ලෙස ක්‍රියා කරන වෙන්දේසිකරුවන් සමඟද සාකච්ඡා කොට පාරිභෝගික ජනතාවට අගතියක් නොවන අකාරයෙන් යම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් නිර්දේශ ලබා දෙන ලදී. ඒ අනුව අදාළ පළාත්…

තව කියවන්​න