- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Kesara Athipola
විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය. විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
නව අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසට අදාළ ප්‍රතිපත්ති රාමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ ඉදිරි දිශානතිය සකස් කිරිමේ තෙදින වැඩමුළුව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගියදා පැවැත්විණි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය , අමාත්‍ය උපදේශක ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය අධ්‍යාපන , උසස් අධ්‍යාපන, වෘත්තීය හා නිපුණතා සංවර්ධන අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන යන අංශයන්හි උසස් නිලධාරින් සහ ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිසන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව, ශ්‍රි ලංකා විභාග දෙපාර්තුමේන්තුව , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව ,තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාව යන ආයතනයන්හි උසස් නිලධාරින්ද එක්ව සිටියහ. මෙම වැඩමුඵව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් හා…
ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරන SMART Youth Exhibitions & Nights – 2024 වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ගෝලීයව පැතිර ගිය කොවිඩ් ව්‍යවසනයේ ප්‍රබල බලපෑම මත අතිශය පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට තරුණ ප්‍රජාවට සිදු විය. ඔවුන් එම පීඩනයට නතු වීම වළකමින් ඔවුන්ගේ විනෝදාස්වාදය, රසවින්දනය සහ මානසික සුවතාව වර්ධනය කිරීමත්, තරුණ ප්‍රජාවට සමාජශීලී සබඳතා භෞතිකව පවත්වාගැනීමට අවස්ථාව සලසා දීමත්, ඔවුන්ට එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමත් මෙහි අරමුණයි. ඒ අනුව, මුළු දිවයිනම ආවරණය වන පරිදි SMART Youth Exhibitions & Nights – 2024 වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා බදවාගත් 370ක පිරිසක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඩිපෝවල පවතින රියදුරු සහ කොන්දොස්තර තනතුරු පුරප්පාඩු සඳහා මෙම පිරිස අනුයුක්ත කිරීමට නියමිත වේ. මේ වන විට බස්නාහිර පළාතතුළ වසර දහයකට අධික කාලයක් සේවය කරන පිට පළාත්වල රියදුරු මහතුන් සහ කොන්දොස්තරවරුන් දීර්ඝ කාලයක් තිස්සේ අයදුම් කර ඇති ස්ථාන මාරු ලබාදීම සඳහා මෙම නවක රියදුරු සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීම තුළින් කටයුතු කෙරෙනු ඇත.
ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ආචා්රය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම නව ගාස්තු ප්‍රතිපත්තිය හා සංශෝධිත ජල ගාස්තු සූත්‍රය 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇතිබව එරට ජනාධිපති ආරක්ෂක අංශය පවසනවා. එම තර්ජන සැලකිල්ලට ගනිමින්, ට්‍රම්ප්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහල දැමීමටයි එරට ආරක්ෂක අංශ කටයුතු කළේ. කෙසේ වෙතත් පසුගිය දා පෙන්සිල්වේනියා ජනපදයේ මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයට, ඉරානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එරට ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා .
අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා . අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ මියගොස් ඇත්තේ 41ක් හැවිරිදි ධම්මික නිරෝෂන් නම් පුද්ගලයෙක් . ඔහු 2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබුණා.
2024 එල්.පී.එල් තරගාවලියේ අවසන් වටයේ තරග හෙට සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා. ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් වටයේ පළමු තරගය හෙට පස්වරු 03 ට ක්‍රීඩා කිරීමට නියමිතයි. අවසන් වටයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ කලම්බු ස්ට්‍රයිකර්ස් හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් අතරයි. එම තරගය ද හෙට රාත්‍රී 7:30 ට ආරම්භ වනවා.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කර තිබෙනවා. අරාබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි වනවා.
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 20 වැනි තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 123 ක්. නායක මොහමඩ් නබී පන්දු 33 කින් ලකුණු 40 ක් සහ චමිදු වික්‍රමසිංහ ලකුණු 26 ක් රැස් කළා. පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මතීෂ පතිරණ හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222