Author: Kesara Athipola

පාස්කු දින සිදිධිය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් ගෙවීමට නියම වූ වන්දි මුදල් අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

තව කියවන්​න

මෝදර අලුත්මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 76ක් සොයාගෙත් අතර කොළඹ උතුර කොට්ඨාස අපරාධ අංශය මඟින් මෙම වැටලීම සිදුකර තිබුනා 31 හැවිරිදි මෝදර අලුත්මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කලේ.

තව කියවන්​න

ප්‍රධාන පෙරහැර පහක් එකම දීනය තුල යෙදීම හේතුවෙන් කරඬුව වැඩම කරවීම සඳහා ඇතුන් සම්බන්ධ කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. පෙරහැර සඳහා සම්බන්ධ කළ හැකි අලි ඇතුන් ඇත්තේ 70කට ආසන්න සංඛ්‍යාවක් බවයි එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කලේ.

තව කියවන්​න

උතුරු පළාත ජාතික ආර්ථිකයේ වැඩි කොටසකට එක් කර ගැනීම ජනාධිපතිතුමාගේ මූලික එක් අරමුණකි. මුලතිව්, මන්නරම, කිලිනොච්චි හා වව්නියා යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් නිෂ්පාදන ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීම එම වැඩපිළිවෙළෙහි පරමාර්ථයයි. උතුරු පළාතේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ දී පැවැත්විණ.

තව කියවන්​න

මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි අගෝස්තු මස 22 දා සිට 25 දා දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිරණය කර ඇත. ඒ පිළිබදව මුලික සාකච්ජාව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ සහ රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේ දී පැවැත්විණ. ග්‍රාමීය ප්‍රදේශයන්හී දක්ෂ ව්‍යවසායකයන්, නව නිපැයුම්කරුවන් හා අන්තර්ජාතික අපනයන වෙළෙඳපොල වෙත ප්‍රවිශ්ඨ වීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යවසායකයින් වෙනුවෙන් දැනුම මෙම ප්‍රදර්ශනය ඔස්සේ ලබා ගත හැකි වන අතර ප්‍රධාන රාජ්‍ය ආයතන මීට සහභාගි වෙයි.

තව කියවන්​න

ජාතික කලාභවනේ තිබූ වසර 100 කට ආසන්න කාලයක් පැරණි සිතුවම් 14 ක් අතුරුදන්වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ.සී.ජී.එස්. අමරසේකර, ඩී.පී.ජී. ජයදේව, ග්‍රේස් ආදී ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් විසින් සිතුවම් කරන ලද චිත්‍ර මෙලෙස අතුරුදන්වී තිබෙන බව ජාතික කලාභවනේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ජාතික කලාභවනේ නඩත්තු කටයුතු සිදුකෙරෙන බැවින් එහි සිතුවම් තාවකාලිකව ගලවා ඉවත් කර ඇති අතර එහිදී මෙම සිතුවම් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

තව කියවන්​න

රුවන්වැලි මහාසෑයේ ප්‍රධාන රථගාල ලෙස වර්තමානයේ සංවර්ධනය කර ඇති භූමිය මධ්‍යයේ පිහිටි පංචාවාස ගොඩනැඟිලි සංකීර්ණයක ප්‍රධාන ගොඩනැඟිල්ල ලෙස හඳුනාගෙන ඇති ස්මාරකයෙහි සංරක්ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතිය මඟින් ආරම්භ කර තිබේ. පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන මූලික කර ගනිමින් ඉකුත්දා මේ පිළිබඳව සොයා බැලීමක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සිදු කළහ. ස්මාරකයේ ශේෂ සාධක ඔස්සේ මෙම සංරක්ෂණ කටයුතු සිදු කරමින්, ස්මාරකයේ වාස්තු විද්‍යානුකූල ලක්ෂණ පිළිබඳව අධ්‍යයනය කර පැරණි ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු කර මෙම ගොඩනැඟිල්ල ප්‍රදර්ශනාත්මක අයුරින් ගොඩනැංවීම ඉතා සුදුසු බව එහිදී අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ ය.

තව කියවන්​න

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණ තරමක තද වැසි ඇතිවිය හැක. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍ර දේශවල විටින් විට හමන පැකි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

තව කියවන්​න

මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් සහ කඩිනම් විසදුම් ලබා දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අදහසකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. එම වැඩපිළිවෙලට සමගාමීව ඊයේ (16) පුත්තලම සහ ගල්ගමුව යන මුලික රෝහල් වල විශේෂ නිරීක්ෂණයක සෞඛ්‍ය අමාත්‍යවරයා නිරත වු අතර එහි දී රෝහලේ බාහිර රෝගී අංශය, සායන, වාට්ටු, මුළුතැන්ගෙය, රසායනාගාරය, ඖෂධ ගබඩා,…

තව කියවන්​න