- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Kesara Athipola
තම රටේ නිලධාරීන්ට ඇමරිකාව අත්තනෝමතිකව වීසා සීමා කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඇමරිකාව ව්‍යාජ තොරතුරු පතුරවමින් චීනයේ මානව හිමිකම් තත්ත්වයට චෝදනා එල්ල කරමින් මෙලෙස අත්තනෝමතිකව වීසා සීමා කරන බවයි චීන විදේශ අමාත්‍යංශය සදහන් කලේ . චීන නිලධාරීන්ට වීසා සීමාවන් ක්‍රියාත්මක කරන බව පසුගියදා ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. චීනය පැවසුවේ එය ජාත්‍යන්තර නීතිය හා සම්බන්ධතා පිළිබඳ මූලික රෙගුලාසීන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
අරාබි මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයන් 09 දෙනෙකු මුදා ගැනීමට සමත්ව තිබෙනවා. එම පිරිස අතර ඉන්දියානුවන් 08 දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ . කාර්යමණ්ඩලයේ සිටි ඉතිරි පුද්ගලයින් 07 දෙනා සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම නෞකාවේ කාර්යමණ්ඩලයේ පුද්ගලයන් 16 දෙනෙකු සිට තිබූ අතර ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් වනවා . ඉන්ධන ප්‍රවාහන නෞකාව අනතුරට ලක්වී ඇත්තේ ඕමානයේ ඩියුකම් වරාය නගරයට නාවික සැතපුම් 25ක් නිරිත දිගින් වූ අරාබි මුහුදේදීයි.
ආසියානු කුසලාන පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් . තරගාවලිය හෙට සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ රටවල් 8ක සහභාගීත්වයෙන්. තරගාවලියේ පළමු තරගය හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කණ්ඩායම හා නේපාල කාන්තා කණ්ඩායම පැවැත්වෙනවා . එම තරගය පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ලබන 20 වැනිදා රාත්‍රී 7:00 ට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද සිට ආරම්භ වනවා . ඒ අනුව අවසන් වටයේ පළමු තරගය පැවැත්වෙන්නේ ගෝල් මාර්වල්ස් සහ ජැෆ්නා කිංස් යන කණ්ඩායම් අතරයි. කොළඹ ආර් .ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 03.00 ට ආරම්භ වනු ඇති. මේ අතර තරගාවලියේ අවසන් වටයේ දෙවන තරගය අද රාත්‍රී 07.30 ට පැවැත්වීමට නියමිතයි. ඒ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් අතරයි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකර තිබෙනවා. සුරේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසිනුයි මෙම පෙත්සම ගොණුකර ඇත්තේ. එළඹෙන ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන්නැයි අදාළ පෙන්සම මගින් ඉල්ලා තිබෙනවා. මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ජල සම්පාදන සහ වතු , යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යය ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ මෙම සතිය තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව ප්‍රකාශ කළා. මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබු ජල සම්පාදන මණ්ඩලය මේ වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බව ද ජීවන් තොණ්ඩමන් මහතා සදහන් කළා.
ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්බන්ධීකරන ඒකකය විවෘත කර තිබෙනවා. ඒ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙනුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කර තිබුණා. සම්බුදු සසුන සුරක්ෂිත කරමින් ඉදිරියට ගෙන යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කිරීම මෙහි මුලික අරමුණයි.
සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සදහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඊයේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා. මැදපෙරදින සිටින සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ කාර්ය සාදක බලකායක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළා.
එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂය සමග ඉදිරියට යාමට සුදානම් නම් පොදුජන පෙරමුණ පුර්ණ සහයෝගය ලබා දෙන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222