- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Kesara Athipola
උතුරු පළාතේ සෞඛ්‍ය අංශයේ වත්මන් තත්ත්වය පිළිබද සොයා බලමින් පවතින ගැටලු වලට විසදුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු පලාතේ සියළු සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් ඊයේ (17) පැවැත්විනි. උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති මෙම හමුව උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුනි. උතුරු පළාතේ කිළිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සෞඛ්‍ය බලධාරීන් රැසක් මීට සහභාගි විය.
ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදය පසුගියදා (12) වොෂින්ටන් ඩී.සී. නුවර දී පැවැත්විණ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දරන ලද අතර එක්සත් ජනපද පාර්ශ්වය එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන උප ලේකම් ජෝන් බාස් මහතා විසින් මෙහෙයවනු ලැබිණි. ශ්‍රී ලංකා දූත පිරිසට එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා මෙන්ම වොෂින්ටන් ඩී.සී නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඇතුළත් වූහ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, එක්සත් ජනපද භාණ්ඩාගාරය, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ධවල මන්දිරයේ…
සිමා සහිත Ceylon boot form පුද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 1000 ක පමණ ආයෝජනයක්යෙදා කිලිනොච්චි දිස්ත්‍රිකයේ කවුදානමුනේයි ප්‍රදේශයේ ඉදිකරන ලද අක්කර 25 වපසරයකින් යුත් ඉස්සන් ගොවිපලක් පසුගියදා (14) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කළේය. මෙම ඉස්සන් ගොවිපල කවුදාරිමුනේයි kn/68 දරණ ග්‍රාම නිලධාරි කොට්ටාසය වන මිනාරිඔඩේයි ගම්මානයේ ආරම්භ කර ඇති අතර මෙහි විශාල පිරිසක් රැකියාවල යෙදී සිටියි. මෙම ව්‍යපෘතිය ආරම්භ කරමින් ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේ ඉස්සන් වගාව සහ මිරිදිය මත්ස්‍ය වගාව මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගයක් බවට පත් වි ඇති බවයි. මෙවැනි වගාවන් සදහා ධීවර අමාත්‍යංශය වශයෙන් විශාල ලෙස ආධාර උපකාර කරන බවද එම…
GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳව අවධානය යොමු වූයේ බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
කලක් දකුණු ආසියාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව වූ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව මහාපරිමාණ නිෂ්පාදන සිදු කරන ආයෝජන කලාපයක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ. එහි නිරීක්ෂණ චාරිකාවකට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක් විය. භූගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන මෙම භූමිය කන්කසන්තුරෙයි වරාය, දුම්රිය ස්ථානය සහ පලාලි ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටා ඇති උපායමාර්ගිකව ඉතාමත් වටිනා කලාපයකි. එහි යටිතල පහසුකම් ඇතිකිරීමත් සමඟ ආයෝජකයන් මේ සඳහා වැඩි කැමැත්තක් දක්වනු ඇති බව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සියලු නිලධාරීන් දැනුවත් කළේය. මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් එම්. එම් නයිමුදීන් මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ…
රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත පසුගියදා (09) සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය. එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේ දී මෙම අනුමතිය ලබා දීම සිදුවිය. ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මයන්ත දිසානායක යන මහත්වරුන් වෙත පසුගිය 6 වැනිදා ඉදිරිපත් කිරීම සිදුවිය. මෙම අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනු කමිටුව සහ එහි විද්වත් මණ්ඩලය විසින් ලෝක සෞඛ්‍යය…
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍ර දේශවල විටින් විට හමන පැකි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක හට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පනවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලේ ඊට අමතරව ඔහුට එරෙහිව දඩුවම් ලකුණක් ද පැනවීමටයි පියවර ගෙන ඇති බවයි. තරගාවලියට අදාළ විනය නීති සංග්‍රහයේ වගන්තියක් උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩුවම පනවා තිබෙනවා.
නව ක්‍රමවේදයක් ඔස්සේ හෙට සිට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා . ඒ අනුව ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ෑ -පාස්පෝට් නිකුත් කිරීම සිදුවනු ඇති . මෙම ගුවන් ගමන් බලපත්‍ර ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ජනතාවට ලබාදීමට නියමිතයි . ගුවන් ගමන් බලපත්‍ර කාර්යක්ෂම සහ ආරක්ෂාකාරීව මහජනතාවට ලබා දීමේ අරමුණින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කලා . එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දෙක්වෙනෙනේ මේ සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කල හැකි බවයි.
තායිලන්ත හෝටල් කාමරයක තිබී විදෙස් ජාතිකයන්ගේ මල සිරුරු 06ක් හමුව තිබෙනවා ඔවුන් වියට්නාම හා අමෙරිකානු සංචාරකයින් බවයි අනාවරණය වී ඇත්තේ . කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මියගිය අය අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. අධික විශ ද්‍රව්‍යක් ශරීරගත වීමෙන් ඔවුන් මියගොස් ඇති අතර තායිලන්ත අගමැතිවරයාගේ නියෝගයෙන් ඒ සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222