Author: Kesara Athipola

රට බන්කොලත් වී ඇති ආකාරය අනුව වැඩ වර්ජන කරමින් ගමන් කල නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්ඛාර් මහතා පවසනවා. ඒ මහතා මේ බව කියාසිටියේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර ජනරැලියකට එක්වෙමින් ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා කියාසිටියේ රට ගොඩනගා ගැනීමට සියලු දෙනාම එක්විය යුතු බවයි.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ නගන වැඩ පිළිවෙල සිදු කොට ජනතා ප්‍රසාදය මේ වනවිට හිමි කරගෙන ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. ඒ මහතා මේ බව කියාසිටියේ ජනරැළියකට එක්වෙමින්.

තව කියවන්​න

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනක් හේතුවෙන් පාසැල් සිසුන්ගේ වාර විභාගය දින දෙකක් නොපැවැත්වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අද සිට සති දෙකක් ගුරු විදුහල්පති සංධානය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක ද නිරත වන බවයි. කෙසේ වෙතත් අද දිනයේ වර්ජනයට සහය නොදක්වන බව, ගුරු විදුහල්පති එකමුතුව පවසනවා.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවයි . එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ත් 55ත් අතර තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තව කියවන්​න

බිත්තර ආනයනය කෙරෙහි රජයේ යළි අවධානය යොමු වී තිබෙනවා. වෙළද හා වාණිජ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ බිත්තර නිෂ්පාදකයින් බිත්තර මිල දිගින් දිගටම ඉහළ අගයක පවත්වාගෙන යන බවයි. ඒ අනුව බිත්තර ආනයනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.

තව කියවන්​න

වසරකට දෙවතාවක් සිදු කරනු ලබන විශේෂ ශ්‍රේණියේ උසස්වීම් ලබා දීමේ ක්‍රියාවලිය මෙම ජූලි 01 වන දා සිට කඩිනම් කර තිබෙන බව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්. ආලෝක බණ්ඩාර මහතා ” කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් 2020 – 2022 කාලය තුළ රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කරනු ලැබුවා. ඒ වගේම 2022 වසරේදීම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් අත්හිටවනු ලැබුවා. එම තත්ත්වය රාජ්‍ය සේවයේ කාර්යය මණ්ඩල සමාලෝචනය සඳහා අවස්ථාව සලසා දෙන දෙනු…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය අඛණ්ඩව ම ලැබෙන බවත් අනුරාධපුර ශුද්ධ නගරයෙහි කැනීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික හා අනෙකුත් සහායන් ද යුනෙස්කෝ සංවිධානය මගින් ඉදිරියේ දී ලබා දීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුනෙස්කේ අධ්‍යක්ෂවරිය අතර පැවති හමුවේ දී මෙම කරුණු සාකච්ඡා වී ඇති බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. මෙහි දී නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඌද්‍රෙ ඇසුලෙ (Audrey Azoulay) මහත්මියට ඇයගේ සහභාගීත්වය හා…

තව කියවන්​න

මෙරට වතු ආශ්‍රිත පාසල් පිහිටා ඇති ඉඩම් වල අයිතිය එම පාසල්වලටම පවරාදීමේ වැඩපිළිවෙළ පිළිබඳ මලයියාග වැවිලි ප්‍රජා‍වේ විකාශය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි. ඒ එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (10) රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඇල්කඩුව වැවිළි සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ. මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ වතු ආශ්‍රිත පාසල් පිහිටා ඇති ඉඩම් එම පාසල්වලට පවරාදීමේ වැඩපිළිවෙල සංසදයේ මැදිහත්වීමෙන් මේ වනවිට සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බවයි. ලංකාවේ වතු ආශ්‍රිත පාසල් ප්‍රමාණය, එම…

තව කියවන්​න